Hemas Hospitals විසින් ‘BreastOber 2024’ එළි දක්වයි – මෙය පියයුරු පිළිකා අවධානම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකි

Hemas Hospitals

ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන් වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළි දක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ. ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා කල් තියා හඳුනාගන්නා නවීන තාක්ෂණික උපාංගවලට ප්‍රවේශය ලබා දීමද මෙහි තවත් එක් අරමුණකි. ගෝලීය වශයෙන් කාන්තාවන් අතර වඩාත් සුලබම පිළිකා වර්ගය පියයුරු වන පිළිකා බැවින්, මේ පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ ඒ වෙනුවෙන් පියවර ගැනීම අන් කවරදාටත් වඩා විශාල වශයෙන් වැදගත් වී තිබේ.
 



 

ගෝලීය වශයෙන් පියයුරු පිළිකා නිසා පීඩාවට පත් වන කාන්තාවන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. ලොව පුරා කාන්තාවන් මිලියන 2.3 ක් පමණ පියයුරු පිළිකාවෙන් පීඩා විඳින අතර, ඉන් මියගිය සංඛ්‍යාව 670,000 පමණ වන බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනු ලබයි (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)). සංඛ්‍යා දත්ත එසේ වුවත්, කල් තියා හඳුනා ගෙන ඉක්මනින් ප්‍රතිකාර කළහොත් ඔවුන්ගේ ජීවිතය බේරාගැනීමට ඇති හැකියාව විශාල වශයෙන් ඉහළ යනු ඇත. Hemas Hospitals විසින් සිය ‘BreastOber 2024’ වැඩසටහන මගින් ලබා දීමට උත්සාහ කරන වැදගත් පණිවිඩය මෙයයි. නිරන්තර පරීක්ෂාව මගින් රෝගය සුව කළ හැකි අවධියේදී ම සොයාගත හැකිය. එබැවින් මෙය ජීවිතයකට නව පණ පොවන ඉතා වැදගත් පණිවිඩයකි.

2024 වසර සඳහා වන වැඩසටහන මගින් Hemas Hospitals විසින් ලාංකීය කාන්තාවන් වෙත සිය වේදනා රහිත නවීන මැමෝග්‍රෑම් තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. මේ හරහා කාන්තාවන් හට සාම්ප්‍රදායික මැමෝග්‍රෑම් ක්‍රියාදාමයේදී ඇති වන අපහසුතා මග හරවා ගෙන පහසුවෙන් ඊට මුහුණ දීමට අවස්ථාවද හිමි වනු ඇත. Hemas Hospitals මගින් දිගින් දිගටම මෙම පහසුව වැඩි කිරීමේ ක්‍රියාවලියේ නිරත වන්නේ, වැඩි කාන්තාවන් පිරිසක් මෙම රෝග නිර්ණ ක්‍රියාදාමයේ කොටස්කරුවන් කරවීම යන අරමුණෙනි.

Hemas Hospitals හි මූලික ඉලක්කයක් වන ‘ජීවිත සුවපත් කිරීම’ යන්න පෙරදැරිව, රෝහල් සමූහය විසින් මෙම වසරේ BreastOber වැඩසටහනට තවත් අංග රාශියක් එකතු කරමින්, එය වඩාත් විශාල ජනතාවක් වෙත ව්‍යාප්ත කිරීමේ කර්තව්‍යක නිරත වෙමින් සිටියි. රෝගය 100% ක් සුව වීම සඳහා අවශ්‍ය මූලිකම කරුණ වන්නේ එය කල් තියා හඳුනා ගැනීම බැවින්, රෝහල් සමූහය විසින් සිදු කරන මෙම කර්තව්‍යයේ වටිනාකම තවත් වැඩි වෙයි. Hemas Hospitals හි කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය ලකිත් පීරිස් මහතා සඳහන් කළේ, “‘BreastOber 2024’ වැඩසටහනෙහි ප්‍රධාන ඉලක්කය ජනතාව දැනුවත් කිරීම පමණක් නොවේ. එම පණිවිඩයත් සමගම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් එහි එක කොටසකි. අපට අවශ්‍ය, ‘එක් පරීක්ෂාවකින් තම ජීවිතයම වෙනස් කරගත හැකිය’ යන පණිවිඩය ලංකාවේ සිටින සෑම කාන්තාවකටම අවබෝධ කරලීමයි. කල් තියා හඳුනා ගැනීම මගින් කාන්තාවන්ට පියයුරු පිළිකා පිළිබඳ අනිසි බියක් ඇති ගැනීමට සිදු නොවන ඇත. අප සෑම ජීවිතයකම වටිනාකම හොඳින් දන්නා බැවින්, මෙම වසරේදීත් අප පෙරටත් වඩා ශක්තිමත්ව සහ වඩා විශාලව මෙම පණිවිඩය ජනතාව අතරට ගෙන යෑමට කැපවන්නෙමු.

Hemas Hospitals විසින් රෝගීන් වෙනුවෙන්ම කැපවූ අරමුණකින් සහ නවීන තාක්ෂණයෙන් බලවත්ව, මෙම ඔක්තෝබර් මාසයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පෙර නොවූ විරූ මට්ටමකින් වෙහෙසෙනු ඇත. ‘BreastOber 2024’ යනු හුදෙක් රෝග පරීක්ෂාව උදෙසා ධෛර්යමත් කිරීමේ වැඩසටහනක් පමණක් නොවේ. එය කාන්තාවන්ට මෙම අභියෝගය ජයගැනීම වෙනුවෙන් සහය වීම සඳහා ඔවුන්ගේ පවුල්වලට, රැකියාවලට, සහ සමස්ත සමාජයම උනන්දු කරවන ව්‍යාපෘතියකි. මෙය කිසිදු කාන්තාවක් මෙම සටනේදී තනි නොකිරීම සඳහා සමස්ථ සමාජයටම කෙරෙන ආරාධනයකි.

දැනුවත් කිරීමේ වැඩසටහනට අමතරව රෝහල් සමූහය විසින් තම නවීන තාක්ෂණයෙන් පිරිපුන් මැමෝග්‍රෑම් ක්‍රියාවලිය සඳහා 40% ක වට්ටමකුත් ලබා දේ. ඊට අමතරව සායන නොමිලේ අවලංගු කිරීමට ඇති හැකියාව මෙන්ම අපගේ වත්තල සහ තලවතුගොඩ ශාඛාවල සෑම දිනකම පෙ.ව. 7.30 සිට ප.ව. 3.30 දක්වා නොමිලේ BreastOber සායනයට සම්බන්ධ වීමටද හැකියාව ඔබට හිමි වේ. BreastOber වෙනුවෙන්ම නිකුත් කළ නවතම හොට්ලයින් අංකය (0777-001216) අමතා, ඔබේ විමසීම් සහ වෙන් කරවා ගැනීම් සිදු කරගන්න.

වැඩි විස්තර දැන ගැනීමට සහ වෙන් කරවා ගැනීම් සඳහා BreastOber හොට්ලයින් අංකය අමතන්න 0777-001216

නැතිනම් ළඟම ඇති Hemas රෝහල වෙත පිය නගන්න.

පියයුරු පිළිකාව පරදවන ගමන අදින් ආරම්භ කරන්න!
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව