Hemas Hospitals රෝගීන්ට ඉමහත් පහසුවක් සලසමින් ‘Online Lab Portal’ හඳුන්වා දෙයි

Hemas Hospitals

රෝගීන්ට තම රසායනාගාර පරීක්ෂණ වාර්තා සහ ප්‍රතිඵල ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Hemas Hospitals විසින් පසුගියදා Online Lab Portal හඳුන්වා දෙන ලදි. මෙමගින් රෝගීන්ට නව පරීක්ෂණ වාර්තා මෙන්ම පැරණි වාර්තා පවා ඉතාමත් පහසුවෙන් තම දුරකථන හෝ පරිගණක යන්ත්‍ර ඔස්සේ පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රෝගීන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා Hemas Hospitals දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි.
 



 

“මෙය අප රෝගීන්ට ලබාදෙන විශිෂ්ට සේවාවේ තවත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් ඔවුන්ට ඉතාමත් පහසුවෙන් තම පරීක්ෂණ වාර්තා ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙය නිරන්තර නවෝත්පාදනය සඳහා අප දක්වන උනන්දුව නිරූපණය කරන පියවරක්. එමෙන්ම මෙය රෝගීන්ගේ පහසුව වෙනුවෙන් නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ කැපීපෙනෙන සන්ධිස්ථානයක් බව අප විශ්වාස කරනවා. අප ලබාදෙන මේ සුවිශේෂී සේවාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මෙන් මා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” Hemas Labs අධ්‍යක්ෂ වෛද්‍ය දුශ්‍යන්තන් සුබ්‍රමනියම් මහතා පැවසී ය.

මෙම Lab Portal හි තවත් සුවිශේෂී අංගයක් වන්නේ, රෝගීන්ට තම රසායනාගාර පරීක්ෂණවල වර්තමාන ප්‍රතිඵල අතීත ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමට අවස්ථාව සලසා දී තිබීම ය. මෙමගින් වෛද්‍යවරුන්ට තම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වයේ ඉතිහාසය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතරම, රෝගියාටද තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් හොඳ අවධානයකින් පසුවීමට අවස්ථාව හිමි වේ.

රෝගීන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට Hemas Lab Portal සැලසුම් කර ඇත. මේ සඳහා ලියාපදිංචි වීමට රෝගීන් කළ යුතු වන්නේ, තම වෛද්‍ය පරීක්ෂණ සඳහා මුදල් ගෙවීමේදී කවුන්ටරය වෙත තම ජංගම දුරකථන අංකය ලබාදීම පමණි. පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව, රෝගියා ලබාදුන් දුරකථන අංකයට අන්තර්ජාල සබැඳියක් සහිත සුරක්ෂිත SMS පණිවිඩයක් යොමුකෙරේ. රෝගියාගේ පෞද්ගලිකත්වය හා සංවේදී සෞඛ්‍ය තොරතුරු තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා, එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් හෙවත් OTP කේතයක් අවශ්‍ය වන ආකාරයට මෙය සැලසුම් කර ඇත. මෙම මුරපදයද රෝගියා වෙත SMS මගින් එවනු ලැබේ.

2018 වසරේ සිටම වෛද්‍ය පරීක්ෂණ සඳහා මුදල් ගෙවීමේදී තම ජංගම දුරකථන අංකය ලබාදුන් රෝගීන්ට මෙම ක්‍රමය ඔස්සේ තම අතීත පරීක්ෂණ වාර්තා සියල්ල පරීක්ෂා කිරීමට හැකි වනු ඇත. එමෙන්ම තම මව, පියා හෝ දරුවන් වැනි අයෙකුගේ පරීක්ෂණ වෙනුවෙන් තම දුරකථන අංකය ලබාදුන්නේ නම්, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාද මෙම ක්‍රමය ඔස්සේ පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ.

රෝගීන්ගේ රහස්‍යභාවයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි, ක්ලවුඩ් තාක්ෂණය භාවිතා කරමින් මෙම වෛද්‍ය වාර්තා දීර්ඝකාලීනව ගබඩා කර තැබෙනු ඇත. මේ නිසා රෝගීන්ට මුද්‍රිත පිටපත් අස්ථානගත වීම මගින් ඇති වන ගැටලුවලට මුහුණ දීමට සිදු නොවන අතර, මෙය කඩදාසි භාවිතය අවම වන තිරසාර පියවරක්ද වනු ඇත. එබැවින් එය Hemas Hospitals හි තිරසාර ඉලක්කවලටද සමගාමී වේ. එමෙන්ම වාර්තා පවත්වාගැනීම සහ ඒවා තැන තැන රැගෙන යාම අවශ්‍ය නොවන නිසා මෙය රෝගීන්ටද ඉමහත් පහසුවක් වනු නිසැක ය.

ශ්‍රී ලංකාවට මුලින්ම Electronic Health Records (ERH) ක්‍රමවේදය හඳුන්වා දෙන ලද්දේ Hemas Hospitals විසිනි. මෙමගින් රෝගීන්ට සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින්, ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තම පරීක්ෂණ වාර්තා වෙත පිවිසිය හැකි වේ. මේ ආකාරයට රෝගීන්ට තම වර්තමාන වාර්තා මෙන්ම අතීත වාර්තා වෙතද පිවිසීමට අවස්ථාව ලබාදෙන එකම සේවාව Hemas Hospitals හි Lab Portal ය. ඉදිරියටත් මෙවැනි සේවාවන් ඔස්සේ රෝගීන්ට තම සෞඛ්‍යය සම්බන්ධ කටයුතු වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා Hemas Hospitals කැප වී සිටී. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව