Hemas Hospitals ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා 3D Laparoscopic තාක්ෂණය හඳුන්වා දෙයි

WhatsApp Image 2024-11-27 at 10.40.56 AM (LBN)

ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන Hemas Hospitals වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයක් වන ‘3D Laparoscopic Donor Nephrectomies’ ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින හෙයින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ඇති ඉල්ලුමද ඉහළ යමින් පවතී. එම නිසා මෙම නව තාක්ෂණය හඳුන්වා දීම මෙරට වකුගඩු රෝගීන්ට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.

 



 
වකුගඩු දායකයන් වෙනුවෙන් භාවිතා වන මෙම 3D laparoscopic ක්‍රමවේදය හඳුන්වා දීම, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වල තාක්ෂණික දියුණුවේ සුවිශේෂී සන්ධිස්ථානයකි. සාම්ප්‍රදායික වකුගඩු සැත්කම්වලදී උදර ප්‍රදේශයේ විශාල කැපුමක් සිදුකිරීම අවශ්‍ය වේ. මේ නිසා සුවවීම සඳහා දීර්ඝ කාලයක් ගත වන අතරම, සංකූලතා ඇතිවීමේ අවදානමද ඉහළ ය. එහෙත් 3D laparoscopic තාක්ෂණය තුළදී ත්‍රිමාණ ඡායාරූප ක්‍රමවේදය භාවිතා වන නිසා ශරීරයට අවම බලපෑමක් වන පරිදි සැත්කම සිදුකළ හැක. මෙමගින් ශරීරයේ සිදුකළ යුතු කැපුම කුඩා වීම, වේදනාව අඩු වීම, වඩාත් ඉක්මනින් සුව වීම සහ සැත්කමෙන් පසුව සංකූලතා ඇතිවීමේ ඉඩකඩ අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ.  එමෙන්ම මෙමගින් හර්නියා තත්වයන් ඇතිවීමේ අවදානම අවම වන අතර, ශරීරයේ ඇතිවන කැළැල්ද අවම ය. මේ නිසා වකුගඩු දායකයන්ගේ ජීවිත හානි අවදානම අවම වන අතරම, ඔවුන්ට වඩාත් ඉක්මනින් රෝහලෙන් පිටව යාමටද අවස්ථාව ලැබේ.

මේ සම්බන්ධයෙන් Hemas Hospitals හි වෛද්‍ය සේවා සහ තත්ව අධ්‍යක්ෂ වෛද්‍ය මලිත් අතපත්තු මහතා මෙසේ අදහස් දැක්වී ය. “වකුගඩු දායක සැත්කම් සඳහා 3D laparoscopic තාක්ෂණය හඳුන්වා දීම Hemas රෝහල් ජාලයේ මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා Robotic Donor Nephrectomies ක්‍රමවේදය දැන් බහුලව භාවිතා වනවා. මෙම දියුණු ක්‍රමවේදය මගින් වකුගඩු සැත්කම් වඩාත් නිවැරදිව සහ සුරක්ෂිත ලෙස සිදුකිරීමට හැකි වන අතර, සුව වීමට ගතවන කාලයත් අඩු වනවා. එමෙන්ම එමගින් රුධිරය වහනය වීම අඩු නිසා රුධිර පාරවිලයනය සිදුකිරීමේ අවශ්‍යතාව අවම වීම තවත් වාසියක්. තවද වකුගඩු ආශ්‍රිත Carcinoma තත්ත්වයන් වැනි අනාගතයේදී ඇති විය හැකි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදීද මෙය විශේෂ පහසුවක් වනවා. මේ සාධක සියල්ල නිසා සැත්කම් සඳහා වැය වන වියදම් අවම වීම රෝගීන්ට ලැබෙන තවත් සහනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙවැනි නව ක්‍රමවේදයන් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය රෝගීන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දෙන අතරම සෞඛ්‍ය සේවාව දියුණු කිරීම සඳහා අප දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.”

වකුගඩු දායකයා යනු නිරෝගී පුද්ගලයෙකු වන අතර, සාම්ප්‍රදායික ක්‍රමය යටතේ වකුගඩු ලබාගැනීමේදී ඔවුන්ටද උදරය ප්‍රදේශයේ විශාල කැපුමක් සිදුකරන බරපතළ සැත්කමකට මුහුණ දීමට සිදු වේ. එහෙත් නව 3D laparoscopic තාක්ෂණය නිසා මෙම තත්ත්වය වෙනස් වන බැවින්, වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා පෙරට වඩා වැඩි පිරිසක් ඉදිරිපත් වනු නිසැක ය.

මේ ආකාරයට දිගින් දිගටම නවීන තාක්ෂණයන් හඳුන්වා දෙමින් රෝගීන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා Hemas Hospitals කැප වී සිටී. 3D laparoscopic තාක්ෂණය වකුගඩු සැත්කම් සඳහා යොදාගැනීම යනු මෙම මෙහෙවරෙහි නවතම පියවරයි. මෙම නව හඳුන්වා දීමත් සමග, නවෝත්පාදන ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට කැපවුණු සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු ලෙස තමන් සතු කීර්ති නාමය තවදුරටත් තහවුරු කරගැනීමට Hemas Hospitals සමත් වනු ඇත.

3D laparoscopic තාක්ෂණය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම, ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීම හෝ Hemas Hospitals මගින් පිරිනමනු ලබන වෙනත් සේවාවන් ලබාගැනීම සඳහා කරුණාකර businessdev.twg@hemashospitals.com වෙත පිවිසෙන්න. නැතිනම් 077 362 7866 අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව