HEINEKEN සමාගම Distilleries Company of Sri Lanka (DCSL) සමඟ ගිවිසුමකට එළඹෙයි

HEINEKEN




 

Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගම Distilleries Company of Sri Lanka PLC (DCSL) සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. DCSL යනු කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත පොදු සීමිත වගකීම් සමාගමකි.

මෙම ගිවිසුම යටතේ, HEINEKEN සමාගම HEINEKEN Lanka Limited හි තම කොටස් DCSL සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇත. එහිදී දැනට ශ්‍රී ලංකා වෙළෙඳපොලේ ඇති Heineken®, Tiger සහ Anchor වැනි සන්නාමයන්ගෙන් සමන්විත HEINEKEN හි ජාත්‍යන්තර සන්නාම කළඹ සඳහා, වෙළෙඳ ලකුණු බලපත්‍ර ගිවිසුම්වලටද ඇතුළු වනු ඇත.

HEINEKEN හි APAC කලාපීය සභාපති, Jacco van der Linden පැවසුවේ, “පසුගිය වසරවලදී, වෙළෙඳපොලේ අනාගත ප්‍රවණතා අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ අපගේ ව්‍යාපාරය පරිවර්තනය කිරීමේ විකල්පයන් අපි ගවේෂණය කරමින් සිටියෙමු. Heineken®, Tiger සහ Anchor සන්නාමයන්ගෙන් සමන්විත අපගේ ජාත්‍යන්තර කළඹ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා. අපගේ සන්නාමවල සම්පූර්ණ හැකියාවන් ඉදිරියට ගෙන යා හැකි DCSL හමුවීමට ලැබීම ගැන අපි සතුටු වෙමු”.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව