
කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ මෙම උත්සව අවස්ථාවට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයෝ රැසක් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකාව පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි ඉහළ යන විශේෂිත ටයර් ඉල්ලුම සපුරාලීම සඳහා කල්පැවැත්ම, කාර්යක්ෂමතාව සහ තිරසරත්වය සමඟින් නිර්මාණය කර ඇති, GRI හි නවතම ඉදිකිරීම් ටයර් පෙළගැස්ම දැකබලාගැනීමට හා අත්විදීමටද මෙහිදී සහභාගීවූවන්ට අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාවට GRI හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාෂ් සුබසිංහ මහතා, GRI හි ගෝලීය වාණිජ අධ්‍යක්ෂ බැරී ගිල්ඩ්ෆර්ඩ් මහතා ඇතුළු GRI හි නිලධාරීන් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛ පුද්ගලයින් රැසක් එක්ව සිටියහ.
“GRI හි අපි, කර්මාන්ත ඉදිරියට ගෙනයාම වෙනුවෙන්, හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව දැඩිව විශ්වාස කරමු. Perera Tyre Services සමාගම සහ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රජාවට අපගේ මෙම දායකත්වය තිරසර අනාගතයක් ගොඩනැගීම සඳහා වන අතිශය වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැක.” යනුවෙන් සුබසිංහ මහතා අදහස් දක්වමින් අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී ටයර් නිෂ්පාදකයෙකු ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ, සමාගමේ කීර්ති නාමය වඩා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට හේතු වී තිබෙන සාධක ලෙස GRI හි නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීයභාවය මෙන්ම විශිෂ්ට සේවාවක් සැපයීම කෙරෙහි වන කැපවීම ද මතු කරන ලදී. එමෙන්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ආනයන ප්‍රතිස්ථාපනය මඟින් දේශීය ආර්ථිකය හා කර්මාන්ත වර්ධනයටද GRI මහඟු දායකත්වයක් ලබා දෙයි.