govi.ai යෙදවුමට SLASSCOM Ingenuity සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ජයග්‍රහණයක්

Azend Technologies IMAGE - 1

ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්‍ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්‍යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics වැනි තාක්ෂණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් වගා සහ අස්වැන්න පිළිබඳ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට ඔවුන්ට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම මෙම යෙදවුමේ අරමුණ වේ. ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග සියල්ල එම ආයතනය නිර්මාණය කළ ඒවා වීම සුවිශේෂත්වයකි. කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ පටන් පර්යේෂණ සහ වාණිජ මට්ටමේ ගොවීන් දක්වා පුළුල් පරාසයක විහිදුණු ප්‍රජාවකට මෙම යෙදවුමෙන් වාසි සැළසේ. දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීම, ජල හා පොහොර සැපයුම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම, පිරිවැය අවම කර ගැනීම සහ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම ඒ අතර වේ.

 



 

govi.ai යෙදවුමේ ඇති IoT සංවේදක මඟින් තෙතමනය ඇතුළු පසෙහි ගුණාත්මකභාවයට අදාළ කරුණු සහ pH, EC හා පෝෂණ අගයවලට අදාළ තොරතුරු ගත හැකිය. ඒ තුළින් නාස්තිය අවම වීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නිමැවුම හා ගුණාත්මක බව ඉහළ නැංවීම වැනි වාසි රැසක් ලැබේ. govi.ai යෙදවුමේ වාරි මාර්ග සහ පොහොර යෙදීමට අදාළ මැදිහත්වීම් ගොවි ජනතාවට නිරවුල් මනසකින් යුතුව තිරසාර ලෙස භූමිය කළමනාකරණයට මඟ සළසයි. ඊට සම්බන්ධ දත්ත පුවරුව භෝග සෞඛ්‍යය, සම්පත් භාවිතය සහ තවත් බොහෝ දෑ පිළිබඳ පසුගිය සහ තත්කාලීන දත්තවලින් සමන්විත වේ. යෙදවුමේ අන්තර්ගත සංවේදක මඟින් දුරස්ථව හා ස්වයංක්‍රීයව වගා බිම් නිරීක්ෂණය කිරීමට හා ජල සැපයුම, වාතාශ්‍රය, පොහොර සැපයුම වැනි තත්ත්ව කළමනාකරණයට හැකියාව ලැබේ. “ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරන්න govi.ai සතු කැපවීම වඩාත් තහවුරු වූ තවත් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. අප සෑම විටම නව්‍ය විසඳුම් තුළින් ගොවි ජනතාව වඩාත් දැනුවත් ප්‍රජාවක් බවට පත් කරන්නටත්, තිරසාර භාවිත ප්‍රවර්ධනය තුළින් ඔවුන්ගේ කටයුතු සාර්ථක කරන්නටත් කැප වෙනවා. කෘෂිකර්මාන්තය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් සතු දැනුම සමඟ තාක්ෂණය මුසු කළ මෙවැනි නව්‍ය විසඳුම් තුළින් වඩාත් සෞභාග්‍යවත් සහ තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා මඟ විවර කළ හැකියි.” Azend Technologies ප්‍රධාන විධායක නිලධාරී රජිව් සිල්වා මහතා පැවසීය.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව