Go Green Exports පෙෳද්ගලික සමාගම අපනයන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලබයි

MAIN IMAGE (LBN)

 



 

 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SMEDA සම්මාන උළෙලේ අපනයන අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Go Green Exports පෙෳද්ගලික සමාගමට හැකි විය. ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී ඇති එම සමාගම වර්තමානයේදී ගෝලීය වෙළෙඳපොළ තුළ සුවිශේෂ සංධිස්ථාන රැසක් සනිටුහන් කර ඇත. පරිසර හිතකාමී කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා වන දැක්මක් සහිතව ආරම්භ වූ Go Green Exports වර්තමානයේදී යුරෝපීය, උතුරු සහ දකුණු අමෙරිකානු, මැදපෙරදිග, CIS රටවල් ඇතුළු රටවල් 50කට වැඩි සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරයි. නිෂ්පාදනවල ගුණාත්මක බව, තිරසාර බව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීමට නොසැලෙන කැපවීමකින් කටයුතු කරන මෙම සමාගම ISO 9001:2015, GMP සහ OMRI යන තත්ත්ව සහතිකවලින්ද පිදුම් ලබා තිබේ.

Go Green Exports පසුගියදා දිනූ සම්මානය විශිෂ්ටත්වය උදෙසා ඔවුන් සතු නොපසුබස්නා උත්සාහය තහවුරු කරයි. එය ඔවුන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය මෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා වන කැපවීම අගය කිරීමකි. පුළුල් පරාසයක විහිදී ඇති සමාගමේ කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන ඒවායේ කල්පැවැත්ම, බහුකාර්යතාව සහ පරිසර හිතකාමී ස්වභාවය වැනි විශේෂාංග හේතුවෙන් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇත. “මෙම සම්මානය විශිෂ්ටත්වය උදෙසා අප සතු සාමූහික ප්‍රයත්නය සහ කැපවීම තහවුරු කිරීමක්. මේ වන තෙක් අප ඉටු කළ මෙහෙවර ගැන අපි ආඩම්බර වෙනවා. එය අපේ සමාගමට වගේම අපේ ක්ෂේත්‍රයටත් ජයග්‍රහණයක්. අපි ඉදිරියටත් තිරසාර භාවිත ප්‍රවර්ධනය කරන්න සහ ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ කොහු සහ කොහුබත් නිෂ්පාදන සපයන්න කැප වෙනවා. මේ ජයග්‍රහණය සදහා දායක වූ අපගේ කාර්ය මණ්ඩලයට සහ සේවක මණ්ඩලයට කෘතඥතාව පළ කරනවා.” Go Green Exports කළමනාකාර අධ්‍යක්ෂ චමීල් සමරනායක මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව