Global Consumer Products පුද්ගලික සමාගම ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගනියි

1- Finex Tissues ISO certification (LBN)

ශ්‍රී ලංකාවේ Hygienic disposable භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට Global Consumer Products පුද්ගලික සමාගම පසුගියදා සමත්විය.

මේ සමඟ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් (ISO 9001:2015) soft tissues, oxo-biodegradable, LDPE සහ HDPE කසළ උර මෙන්ම food care නිෂ්පාදනයේ යුතු එකම ශ්‍රී ලාංකික සමාගම බවට ද Global Consumer Products සමාගම පත්විය. දශක හතරකට වැඩි විශිෂ්ටත්වයේ උරුමයක් ද සමඟින් සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රමිති රේඛාවක් සටහන් කිරීමට ඒ සමඟින් සමාගමට හැකිව තිබේ.




සිය නිෂ්පාදනවල ප්‍රමිතිය තවදුරටත් සහතික කිරීමට සඳහා සෑම ආනයනික ටිෂූ කඩදාසි ඇණවුමක්ම Bureau Veritas ආයතනයේ තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව වෙළෙඳපොළට නිකුත් කිරීමට ද සමාගම කටයුතු කරයි. එහිදී ටිෂූ කඩදාසිවල පී.එච්. අගය, දියවෙන සුළු බව සහ අනෙකුත් ප්‍රමිතීන් ගණනාවක් පිළිබඳ සළකා බැලේ.

මීට අමතරව FLEXEE cling film සහ GUARDIAN Aluminium Foil නිෂ්පාදනවලට ද කර්මාන්ත තාක්ෂණ ආයතනයේ සහතිකය ලැබී ඇති අතර, ජාත්‍යන්තර KOSHER සහතිකය ද හිමිව තිබේ.

″ISO 9001:2015 සහතිකය මගින් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීමටත්, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත් අප සතු කැපවීම මැනවින් ප්‍රදර්ශනය කෙරෙනවා. ආරම්භයේ පටන්ම අප සමාගම නිෂ්පාදන ක්‍රියාවලි කළමනාකරණයට, සම්පත් ප්‍රශස්තකරණයට සහ ආයතනික අභ්‍යන්තර පාලන කටයුතුවලට මූලික අවධානයක් ලබාදුන්නා. එහි ප්‍රතිඵලය වූයේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත ලබාදීමයි. විශිෂ්ටත්වය වෙනුවෙන් අප සතු කැපවීම මෙවැනි තත්ත්ව සහතික තුළින් පිළිබිඹු වෙනවා. ප්‍රමිතිය, අප සමාගම් සංස්කෘතියේ මූලිකාංගයක් ලෙස සැලකීම නිවැරදියි″, යනුවෙන් Global Consumer Products සමාගමේ කර්මාන්තශාලා ප්‍රධානී මොහිදීන් සාජිත් මහතා පැවසුවේය.

″විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය මූලික කරගත් අපගේ ආයතන සංස්කෘතිය තුළින් අපගේ නිෂ්පාදනවල වගේම සමස්ත ව්‍යාපාරකරණය තුළත් ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙනවා. ඉදිරියටත් ප්‍රමිතිය වෙනුවෙන් අප සතු කැපවීම නොවෙනස්ව පවතිනවා. අපගේ නිෂ්පාදනවල ගුණාත්මකබව අඛණ්ඩවම ඉහළ නංවන අතර දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන නව නිෂ්පාදන සහ විසඳුම් හඳුන්වාදීමටත් අපි කටයුතු කරනවා. ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් සමඟ අපගේ ගෝලීය ව්‍යාපාර මෙහෙයුම් තවදුරටත් වර්ධනය කිරීමටත් අපි අපේක්ෂා කරනවා″, යනුවෙන් Global Consumer Products පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අයි.එල්. දාවුද් මහතා ප්‍රකාශ කළේය.

FINEX, ECO SACK, GUARDIAN, සහ FLEXEE වැනි සන්නාම යටතේ නවෝත්පාදන, සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදුන් Global Consumer Products සමාගම, වාණිජ මෙන්ම ගෘහස්ථ ඒකක වෙළෙඳපොළ වෙත ද සිය නිෂ්පාදන සපයයි.  සමාගම සතුව 150කට වැඩි සේවක පිරිසක් සිටින අතර, 1000කට වැඩි පාරිභෝගික පිරිසක් ද වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව