Global Business Excellence සම්මානයෙන් Oproma Cosmetics පිදුම් ලබයි

OPROMA - S (LBN)

රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට ලක් වී තිබේ. සම සහ හිස කෙස් ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු රූපලාවණ්‍යය නිශ්පාදන රැසක් නිෂ්පාදනය කරන Oproma Cosmetics ඉහළ පෙලේ දේශීය සහ අන්තර්ජාතික සමාගම් ඇතුළු සුප්‍රසිද්ධ සන්නාම රැසක් සඳහා අවශ්‍ය නිෂ්පාදන සපයයි.

නිෂ්පාදන ක්‍රියාවලිය පුරා උසස් ප්‍රමිති අනුගමනය කරන Oproma Cosmetics ආයතනය, GMP සහ ISO 9001:2015 වැනි දේශීය සහ අන්තර්ජාතික තත්ත්ව සහතික ගණනාවක් ලබා ඇත. නවීන තාක්ෂණයෙන් සමන්විත නිෂ්පාදන අංශය සහ කුසලතාවලින් සපිරි පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම සමග පාරිභෝගිකයන්ගේ අපේක්ෂාව අනුව නිෂ්පාදන කටයුතු කිරීමට එම ආයතනය වග බලා ගනී. නිෂ්පාදන සැළසුම් කිරීමේ සිට ඇසුරුම්කරණය දක්වා සෑම අදියරක්ම දැඩි තත්ත්ව පාලනයක් සහිතව සිදු කරන අතර විශ්වාසනීයත්වය සහ විශිෂ්ටත්වය සහතික කෙරේ. විශ්වාසය, වගකීම සහ නව්‍යකරණය යන වටිනාකම්වලට මුල් තැන දෙන Oproma Cosmetics ආයතනය, දේශීය සහ ගෝලීය වශයෙන් ප්‍රමුඛතම සම සහ හිස කෙස් ආරක්ෂණ නිශ්පාදන නිෂ්පාදකයා බවට පත් වීමේ අරමුණෙන් ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් සිටී. Baur Life Sciences, Hemas Pharmaceuticals, Ezthara සහ Glenmark Pharmaceuticals ඇතුළු කීර්තිමත් සමාගම් රැසක් ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගනී.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව