Full’r Burgers සහ Marmite එක් වී මෙරට ආහාරපාන ලෝලීන්ට රස මතක රැසක් තිළිණ කරයි

ba31d8a4-25b7-42aa-a003-a759090e3689 (LBN)

Full’r Burgers සහ Unilever Sri Lanka සමාගමේ Marmite එක්ව ක්‍රියාවට නැංවූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මෙරට ආහාරපාන ලෝලීන් අතර තවමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හඳුන්වා දෙන ලද Marmite Mayo දැනටමත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් සඳහා සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. මෙය මාමයිට් ලෝලීන්ගේ මෙන්ම එසේ නොවන පුද්ගලයන්ගේද අවධානය හා ආකර්ෂණය දිනාගත් සුවිශේෂී වැඩසටහනක් විය.

 



 
මෙම හවුල්කාරීත්වය ලෝක මාමයිට් දිනය නිමිත්තෙන් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී නිල වශයෙන් ආරම්භ වූ අතර, එහිදී මාමයිට්වලින් ආභාසය ලැබූ ආහාරපාන වර්ග රැසක් රස බැලීමට රස ලෝලීන්ට අවස්ථාව උදා විය. මෙම ආහාර සඳහා ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු අතර, බොහෝ දෙනෙකු පැවසුවේ ඒවා Full’r Burgers සහ Marmite යන සන්නාම දෙකේම විශේෂත්වයන්ගේ එකමුතුවක් බවයි.

එමෙන්ම Full’r Burgers විසින් Unilever Sri Lanka ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ තාවකාලික අලෙවි කුටියක් විවෘත කර, මෙම ආහාරපාන වර්ග රස බැලීමට තවත් බොහෝ දෙනෙකුට අවස්ථාව සලසා දෙන ලදි. මෙය යුනිලීවර් සමාගමේ සේවය කරන අයට මෙන්ම විශේෂ ආරාධිතයන් පිරිසකට මාමයිට් රසයෙන් රසගැන්වුණු සුවිශේෂී ආහාර වර්ග එකතුවක් රසබැලීමට ලැබුණු අගනා අවස්ථාවක් විය. ඔවුන් සියලු දෙනාම පාහේ මේ නව රස රැසට වසඟ වූයේ නිතැතිනි.

මෙය Full’r Burgers සහ Marmite යන සන්නාම දෙකේම ජනප්‍රියත්වය වැඩි කිරීමට හේතු වූ සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ. මෙමගින් මෙරට ආහාරපාන ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනයට නැඹුරු සන්නාමයක් ලෙස විශේෂ ජනප්‍රියත්වයක් දිනාගැනීමට Full’r Burgers සමත් වූ අතර, මාමයිට් යනු ආහාරපාන රස ගැන්වීම සඳහා විවිධ ලෙසින් භාවිතා කළ හැකි අමුද්‍රව්‍යයක් බව බොහෝ දෙනෙකුට අවබෝධ විය.

Full’r Burgers සහ Marmite රස හවුල අවසන් වුවද එහි මතක මෙරට ආහාරපාන ලෝලීන්ගේ සිත් සතන් තුළ සදාකල් රැඳෙනු නිසැක ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව