
මෙවරත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘Battle of the Blues’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණෙන කාටත්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බර්ගර් සන්නාමයක් වන Full’r Burgers වෙතින් ප්‍රණීත බර්ගර් වර්ග රසබැලීමට අවස්ථාව ලැබෙනු ඇත. පසුගිය වසරේදී Full’r Burgers හඳුන්වා දුන් වර්ණවත් බර්ගර් එකතුව පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මෙවරත් බර්ගර් රස ලෝලීන් වෙනුවෙන් සුවිශේෂී බර්ගර් අත්දැකීමක් තිළිණ කිරීමට Full’r Burgers සූදානමින් සිටී.
146 වන වරටත් පැවැත්වෙන ‘Battle of the Blues’ සටන දීර්ඝ ඉතිහාසයක් සහිත වාර්ෂික ක්‍රිකට් තරගයකි. තරගකාරීත්වය මෙන්ම සුහදත්වය මූලික කරගත් මෙම තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙති. මෙවරත් සුපුරුදු පරිදි ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටු අසල Full’r Burgers කුටි කිහිපයක් හමුවෙනු ඇත. එහිදී ඔවුන්ට උසස්ම ප්‍රමිතියෙන් යුතුව පිළියෙල කරනු ලබන, රස වෑහෙන handcrafted බර්ගර් වර්ග රැසක් රසබැලීමට අවස්ථාව හිමි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Full’r Burgers නියෝජිතයෙකු පැවසුවේ, ප්‍රණීත ආහාරපාන යනු ඕනෑම උත්සවයක, සැණකෙළියක හෝ වෙනත් විශේෂ අවස්ථාවක සතුට දෙගුණ දෙගුණ කරන සාධකයක් බවයි. ඒ නිසාම මෙවර ‘Battle of the Blues’ තරගය අතරතුර නරඹන්නන්ට Dragon Bait, Major General සහ Basic Barry වැනි සුවිශේෂී බර්ගර් වර්ග රැසක් රසබැලීමට අවස්ථාව ලබාදීමට Full’r Burgers පියවර ගෙන තිබේ. නැවත වරක් තමන් කෙරෙහි විශ්වාසය තබමින් මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව තරගයේ සංවිධායක කමිටුවට ස්තූතිවන්ත වන බවත්, මෙබඳු ඓතිහාසික තරගාවලියකට මෙලෙස දායක වීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවත්, නරඹන්නන් සියලුම දෙනාට අමතක් නොවන රසවත් අත්දැකීමක් තිළිණ කිරීමට Full’r Burgers කණ්ඩායම වෙහෙස නොබලා කැප වී සිටින බවත් එම නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.
මෙවර තරගය අතරතුර සැබෑම බර්ගර් රසයෙන් කුල්මත් වන මෙන් Full’r Burgers කණ්ඩායම ‘Battle of the Blues’ ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට ආරාධනා කර සිටී.