
Giga Foods (පුද්.) සමාගමේ ප්‍රධානතම සන්නාමය වන Full’r Burgers හි නවතම Quick Service Restaurant (QSR) වර්ගයේ අවන්හල පසුගිය මැයි 27 දින පිටකෝට්ටේ ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය Cloud Kitchen ආකෘතියේ සිට Dine-in සහ Takeaway පහසුකම් සහිත අවන්හල් ජාලයක් බවට පත් වීමේ ගමන්මග තුළ Full’r Burgers තැබූ සුවිශේෂී ඉදිරි පියවරකි. ඉදිරියේදී රට පුරා තවත් අවන්හල් කිහිපයක්ම විවෘත කිරීමට Giga Foods සමාගම සැලසුම් කර තිබේ.
Giga Foods සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙය සමාගම විසින් ගනු ලබන ක්‍රමෝපායික පියවර මාලාවක ආරම්භය බවයි. සමාගමේ දියුණුව මෙන්ම අනාගත දිශානතිය තීරණය කිරීමේදී Full’r Burgers සන්නාමය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සහ විශිෂ්ට සේවාවක් සලසන අතරම සන්නාමයට වැඩි ප්‍රචාරයක් හිමි වන පරිදි නව අවන්හල සැලසුම් කර තිබේ. එමෙන්ම එය නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම්වලින් සමන්විතය.
Full’r Burgers මේ වන විට ප්‍රණීත බර්ගර් වර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සුවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. උසස්ම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා නිපදවන මෙම බර්ගර් වර්ග සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට නව බර්ගර් වර්ග කිහිපයක් හඳුන්වා දීමටද Full’r Burgers මෑතකදී කටයුතු කළේය.
Giga Foods සමාගමේ ප්‍රධන විධායක නිලධාරී ශිෆාස් රියාස් මහතා පැවසුවේ මෙය සන්නාමයේ වෙනසක් නොව එහි ඉදිරි පියවරක් බවයි. ඉහළ රසයක් මෙන්ම ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන බර්ගර් එකතුවක් ලෙස Full’r Burgers විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. එම ප්‍රණීත බර්ගර් වඩාත් පහසුවෙන් මිලදීගෙන සිත් සේ රස විඳිමින් Full’r Burgers සන්නාම අත්දැකීම උපරිමයෙන් විඳගැනීමට හැකි වන ආකාරයට නව අවන්හල සැලසුම් කළ බවද ශිෆාස් රියාස් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉදිරියේදී තවත් ස්ථාන කිහිපයක අලුතින් QSR වර්ගයේ අවන්හල විවෘත කිරීමට Full’r Burgers බලාපොරොත්තු වෙයි. එමගින් දිවයින පුරා වෙසෙන බර්ගර් ලෝලීන්ට වැඩි වැඩියෙන් සමීප වීමට Full’r Burgers සන්නාමයට හැකි වනු ඇත.
මේ වන විට ප්‍රණීත ආහාරපාන සපයන දේශීය සන්නාම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තුළ පවතින උනන්දුව ඉහළ යමින් පවතී. එවැනි තත්වයක් හමුයේ වේගයෙන් දියුණු වෙමින් පවතින QSR අවන්හල ක්ෂේත්‍රය තුළ ඉදිරියටම පැමිණීමට Full’r Burgers ඉක්මනින්ම සමත් වනු නිසැකය.
නව දැක්මකින් සන්නද්ධව, නව රස රැසක්ද සමගින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයමින් ශ්‍රී ලංකාවේ ආහාරපාන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම Full’r Burgers හි අරමුණ වී තිබේ.