Francophonie 2024 – මාක් අයමන් (Marc Aymon) සහ මිලා බෙසෝන්ගේ (Milla Besson) ගීත ප්‍රසංගය

Picture of the Artist (LBN)

කොළඹ (2024 මාර්තු 04): ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2024) සමගාමීව පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයට ස්විස් ජාතික කලාකරුවෝ දෙපළක්වන මාක් අයමන් සහ මිලා බෙසොන් එක්වෙති.

මෙම සමාරම්භක දර්ශනය මාර්තු 16 වැනි සෙනසුරාදා පස්වරු 7ට Alliance Française de Colombo දී ද, අවසන් දර්ශනය මාර්තු 17 වැනි ඉරු දින පස්වරු 7ට අහංගම TRAX හිදී ද පැවැත්වීමට නියමිත ය. මෙම සියලු දර්ශන වාර නොමිලයේ පැවැත්වෙන අතර, ආසන සීමිත ය.

 



 

මීට සමගාමීව සංවිධානය කෙරෙන විශේෂ පුහුණු පන්ති (Master classes) මාර්තු 16 වැනි සෙනසුරාදා කොළඹ දෘශ්‍ය සහ ප්‍රාසාංගික කලා විශ්ව විද්‍යාලයේදී සහ මාර්තු 19 වැනිදා රුහුණ විශ්ව විද්‍යාලයේදී  පෙරවරු 10 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වේ.

ප්‍රසංගයේ ප්‍රධාන කලාකරුවා වන මාක් අයමන් කවියෙකු සහ ගායකයෙකු වේ. ඔහු තම සංචාර, කලාව සහ ජාතික උරුමයන් ඇසුරු කරගනිමින්, ජනගී ආරට නවීන සංගීත මුසුවක් සමඟින් තම නිර්මාණ ඉදිරිපත් කරයි. දැනට සංගීත ඇල්බම 8ක් සහ ගීත 4ක් එළිදක්වා ඇති ඔහුගේ ගීත ප්‍රංශ භාෂාව කතාකරන රටවල ඉතා ජනප්‍රිය අතර, පැරගුවේ, ප්‍රංශය, බුයනොස් අයර්ස්, කෙන්යාව, රුවන්ඩාව සහ ඊජිප්තුව යන රටවල් සහ නගරවල පැවැති Francophonie ප්‍රසංගවල ද ඔහු සිය දස්කම් දක්වා තිබේ. තාල වාද්‍ය භාණ්ඩ වාදනයෙහි ද රුසියෙකු වන අයමන්, Valais dulcimer, Drums, Kotamo, Handpan, Bockhornxylo සහ Glasudu ආදී තාල වාද්‍ය භාණ්ඩ රැසක් වාදනයෙහි සමත් ය.

ස්විස් ජාතික ගීත රචිකාවියක වන මිලා බෙසෝන් ප්‍රංශ භාෂාව භාවිතවන රටවල් රැසක ගී ප්‍රසංගවලට තම දායකත්වය ලබාදී තිබේ. ඇය බොහෝ අවස්ථාවන්හිදී ටිම් ඩුප්, අලිඕස්, ජෙරමි කිස්ලින් සහ මාක් අයමන් වැනි තවත් දක්ෂ කලාකරුවන් හා එක්ව වේදිකාව මත නිර්මාණකරණයේ යෙදී ඇත.

මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී මාක් අයමන් සහ මිලා බෙසෝන්, ස්විස් සංස්කෘතික උරුමය විදහා දැක්වෙන ස්විස් කවි සහ ගීත 15කින් සමන්විත ‘Glaneurs’ ගීය රඟදක්වති.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව