Fly a World Consultants and Tourism සමාගම Excellency Awards සම්මාන දිනයි

Fly a World

මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සේවා සපයන්නෙකු වන Fly a World Consultants and Tourism පෞද්ගලික සමාගම CECD ආයතනය සංවිධානය කළ Excellency Awards 2024 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම විදේශ සංචාර සහ සංචාරක උපදේශන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ සභාපති එම්. සී. එම්. ෂහූඩ් මහතා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ සේවය අගයමින් ඔහුට ‘සහතිකලත් ව්‍යවසායක’ නාමයද එහිදී ප්‍රදානය කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කය මූලික කර ගත් එම සමාගම පවුලේ නිවාඩු හා ත්‍රාසජනක චාරිකා සැළසුම් කිරීම, විදේශ රක්ෂණාවරණ සඳහා අයදුම් කිරීම සහ ගුවන් ප්‍රවේශ පත්‍ර හා හෝටල් කාමර වෙන් කිරීම වැනි සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක් සපයයි. වෘත්තීය මට්ටමේ කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම සෑම විටම පළපුරුදු උපදේශකයන් හරහා වීසා අයදුම් කිරීමේ සේවා සපයයි. විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතන සමඟ ශක්තිමත් සම්බන්ධතා ඇති එම සමාගම විදේශවල උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට අවශ්‍ය සියලුම සේවා සපයයි.

ශ්‍රී ලංකාව සහ යුරෝපා රටවල නිවාඩු සැළසුම් කිරීම සහ උත්සව සංවිධානය කිරීම වැනි සේවාද එම සමාගම සපයයි. ඔවුන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය, ශ්‍රී ලංකා සංචාරක ඒජන්තවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආදී ආයතනවල ලියාපදිංචි වී ඇත. 2023දී ඔවුන් ලැබූ පාරිභෝගික තෘප්තිය 95%කි. ලොව පුරා ප්‍රධාන ගුවන් සමාගම්, හෝටල් ජාල සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ ශක්තිමත් සම්බන්ධතා සහිත එම සමාගම සිය ආයතනික සමාජ වගකීම මැනවින් හඳුනා ගෙන පසුගිය කාලය පුරා විවිධ සමාජ සේවා ව්‍යාපෘති රැසක්ද දියත් කර ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව