Fitch විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් AA+ බවට අඛණ්ඩව 3 වැනි වසරටත් තහවුරු කරයි

Head Office (LBN)

 



 

 

ෆිච් රේටින්ග්ස් ලංකා (Fitch Ratings) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට අඛණ්ඩව තුන් වන වසර සඳහා ‘AA+ (Ika)/ Stable’ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඔු වන්නේ වාහන ටයර් නිෂ්පාදනයේ ප‍්‍රමුඛතම දේශීය නිෂ්පාදකයා ලෙස සියැට් සමාගමේ ස්ථාවරත්වය හා එහි ශක්තිමත් මූල්‍ය පැතිකඩ බව ෆිච් සමාගම පවසයි.
තම නිවේදනයේ ෆිච් රේටින්ග්ස් පවසා සිටියේ තවමත් දුර්වල වූ මෙහෙයුම් පරිසරයක් හා සියැට් හි පුළුල් කිරීමේ සැලසුම් තිබියදීත්, CKH සමාගම මගින් ප‍්‍රමාණවත් ණය ප‍්‍රමිතික සහ ද්‍රවශීලතාවය පවත්වා ගෙන යනු ඇති බව සමාගමේ මතය, වන බවයි.
”දේශීය නිෂ්පාදකයින් සඳහා තරඟකාරීත්වය ඉහළ නංවමින් ටයර් සඳහා ආනයන සීමා කිරීම් බොහෝ දුරට ලිහිල් වී ඇති නමුත්, තම ශක්තිමත් සන්නාමය හා බෙදාහැරීමේ ජාලය සහ ආනයන හා සසඳන විට අත්වන මධ්‍යස්ථ පිරිවැය වාසිය මගින් CKH තම වෙළඳපොළ තත්වය ආරක්ෂා කරනු ඇතැයි අපි විශ්වාස කරමු,” යනුවෙන් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පැවසීය.
AA+ ණය ශ්‍රේණිගත කිරීම යනු Fitch Ratings විසින් මූල්‍ය බැඳීම් සපුරාලීමට ආයතනයකට ඇති හැකියාව පිළිබිඔු කිරීම සඳහා ලබාදෙන දෙවන ඉහළම ශ්‍රේණිගත කිරීම වේ. සියැට් කැළණි හෝල්ඩිංග්ස්හි ප‍්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ධාවක අතරට ටයර් සඳහා වූ ඉල්ලුම ක‍්‍රමානුකූලව යථා තත්වයට පත්වීම, නව වෙළඳපොළවල් වර්ධනය හා ශක්තිමත් වෙළඳපොළ තත්වය ඇතුළත් විය.
මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස්හි සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය: ”ශී‍්‍ර ලංකාවේ විශාලතම ටයර් නිෂ්පාදකයා ලෙස අභියෝගාත්මක බාහිර සාධක මධ්‍යයේ වුවද අපගේ ශ්‍රේණිගත කිරීම වසර තුනක් පුරා නොවෙනස්ව පවතින බව අප සතුටින් සඳහන් කරනවා. මෙය, අස්ථිර වෙළඳපොළ තත්වයන් තුළ පවා උසස් තත්වයේ නිෂ්පාදන අඛණ්ඩව සපයන බවට පාරිභෝගිකයින්ට හා ව්‍යාපාරික හවුල්කරුවන්ට සහතික කරන හා සියලුම පාර්ශවකරුවන්ට සුභදායක වන සාක්ෂියකි.”
සියැට් කැළණි හි ශක්තිමත් වෙළඳපොළ තත්වය පිළිබඳව ෆිච් රේටින්ග්ස් මෙසේ පැවසීය: ”දුර්වල මෙහෙයුම් පරිසරයක් තිබියදීත් CKH සිය ප‍්‍රමුඛ අංශවල වල වෙළඳපොල කොටස වර්ධනය කිරීමට හෝ රඳවා ගැනීමට පසුගිය මාස 12-18 ත් තුළ අඛණ්ඩව සමත් විය. සැහැල්ලු ට‍්‍රක්, ට‍්‍රක්/බස්, වෑන් සහ කාර් රේඩියල් සහ ත‍්‍රීරෝද රථ ටයර්වල වෙළඳපල නායකත්වය සමඟ සමස්ත ටයර් වෙළඳපොලේ 40-45% වෙළඳපල කොටස CKH සතුව ඇත. වේගයෙන් වර්ධනය වන එහෙත් විශාල ලෙස ඛණ්ඩනය වූ රේඩියල් අංශයෙහි ද 35% ක වෙළඳපල කොටස් සමඟ CKH වෙළඳපල ප‍්‍රමුඛයා වේ. CKH හි ශක්තිමත් සන්නාමය සහ පුළුල් බෙදාහැරීමේ ජාලය සහ මධ්‍යම පරාසයේ මිල ආකර්ෂණීය වෙළඳපල තත්වයට සහාය වේ.”
ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව