First Capital සමාගම 2024-25 මූල්‍ය වර්ෂයේ 3 වන කාර්තුවේ දී සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කර ගනී

Chairman_Rajendra Theagarajah

ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital Holdings PLC සමූහය, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 4.53ක මුළු විස්තීර්ණ ආදායමක්  වාර්තා කරමින් සිය තිරසාර වර්ධනය ඇති කිරීමට ඇති හැකියාව පෙන්නුම් කිරීමට සමත් විය. පසුගිය වසරේ දී පොලී අනුපාත පහත වැටීම සහ දේශීය ණය ප්‍රශස්තකරණයෙන් පසු  First Capital සමූහය වාර්තා කළ  රුපියල් බිලියන 9.35ක ලාභය මගින් එම සමූහයේ  මූල්‍ය ශක්තිය සහ උපාය මාර්ගවල සාර්ථකත්වය පිළිබිඹු කරයි.

පෙර වසරේ සමාලෝචිත කාල සීමාව තුළ වාර්තා කළ රුපියල් බිලියන 17.90ක මෙහෙයුම් වියදම්වලට පෙර  ශුද්ධ ආදායමට සාපේක්ෂව  2024/25 වසරේ අවසන් මාස නවය තුළ රුපියල් බිලියන 7.69ක මෙහෙයුම් වියදම්වලට පෙර  ශුද්ධ ආදායමක් වාර්තා කිරීමට  First Capital සමූහය සමත් විය.
 



 
මෙරට  ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛයා ලෙස විවාදයකින් තොරව හඳුන්වා දිය හැකි First Capital සමූහය,  විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ මූල්‍ය ආයෝජනය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව කීර්තියක් දිනා සිටින අතර, එම සමූහය දශක හතරකට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සේවා සපයන්නෙකු ලෙස ක්‍රියාකරයි. දිනෙන් දින වෙනස්වන වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා සාර්ථකව අනුගත වීමට සිය ගනුදෙනුකරුවන් වෙත සහයෝගය ලබාදෙන  First Capital සමූහය, ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තමා සතු අසමසම අවබෝධය තුළින් ප්‍රාග්ධන වෙළෙඳපොළ හැඩ ගැස්වීම හරහා අනාගතය ශක්තිමත් ලෙස නිර්මාණය කිරීමට සිය පූර්ණ සහයෝගය ලබා දෙයි.

කීර්තිමත් සම්මාන රැසකින් පිළිගැනීමට ලක්ව ඇති First Capital සමූහය, පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්,  සුවිශේෂී සේවාවන් රැසක් සැපයීමට කටයුතු කරන අතර,  දිනාගත් මෙම සම්මාන හරහා First Capital සමූහයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරයි.

2024 දෙසැම්බර් 31 දින දක්වා ගත වූ මාස නවයක කාලය තුළ ප්‍රාථමික අලෙවි කරුවන්ගේ අංශය මඟින් රුපියල් බිලියන 2.45ක බදු  පසු ලාභයක් වාර්තා කිරීමට (2023/24  වසරේ සමස්ත බදු පසු ලාභය රුපියල් බිලියන 10.06කි.) සමත් වූ අතර,  ඒ සඳහා  රජයේ සුරැකුම්පත් විකිණීම මඟින් ලබා ගත් රුපියල් බිලියන 2.58ක  ලාභය සහ රුපියල් බිලියන 1.30ක ශුද්ධ පොලී ආදායම ඇතුළත් වේ. (2023/24 වසරේ රජයේ සුරැකුම්පත් විකිණීම මඟින් ලබා ගත් ලාභය රුපියල් බිලියන 14.34 ක්  සහ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 2.64කි.)

2024 දෙසැම්බර් 31 දින දක්වා ගත වූ මාස නවයක කාලය තුළ ආයතනික මූල්‍ය උපදේශන සහ  සුරැකුම්පත් ගනුදෙනු අංශය ආශ්‍රිතව රුපියල් බිලියන 1.94 ක බදු පසු ලාභයක් (2023/24 වසරේ වාර්තා වූ බදු පසු ලාභය රුපියල් මිලියන 77 කි.) වාර්තා කළ අතර, මෙම වර්ධනයට එම අංශය විසින් ලැයිස්තු ගත සමාගම්වල කොටස්වල ආයෝජනය කර ලබා ගත් රුපියල් බිලියන 2.23ක තක්සේරු ලාභය හේතු පාදක විය.

සමාලෝචිත කාල සීමාව තුළ වත්කම් කළමනාකරණ අංශය ආශ්‍රිතව වාර්තා වූ බදු පසු ලාභය රුපියල් මිලියන 90ක් (2023/24 වසරේ වාර්තාවූ බදු පසු ලාභය රුපියල් මිලියන 20කි.) වූ අතර, අදාළ කාලසීමාව අවසන් වන විට එම අංශය කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 105.1කි. (2024 මාර්තු 31 වන විට  කළමනාකරණය කළ වත්කම්වල වටිනාකම රු. බිලියන 93.9කි.) එමෙන්ම සමාලෝචිත කාල සීමාව තුළ කොටස් තැරැව්කාර අංශය ආශ්‍රිතව වාර්තාවූ බදු පසු ලාභය රුපියල් මිලියන 39කි. (2023/24 වසර තුළ  කොටස් තැරැව්කාර අංශය ආශ්‍රිතව වාර්තාවූ බදු පසු ලාභය රුපියල් මිලියන 27කි.)

First Capital සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා අදහස් දක්වමින්, ” නිරන්තරයෙන් වෙනස්වන වෙළෙඳපොළ තත්ත්වයන් මධ්‍යයේ මෙවැනි වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම අප අනුගමනය කළ දූරදර්ශී උපායමාර්ගවල සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය පිළිබිඹු කරනවා. ඒ වගේම මෙම වර්ධනය හරහා අපගේ ආයතනික මූල්‍ය උපදේශන හා ගනුදෙනු සුරැකුම්පත්, වත්කම් කළමනාකරණය සහ කොටස් තැරැව්කාර අංශ යන සියලුම ක්ෂේත්‍රවල ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය පෙන්නුම් කරනවා. ඒ වගේම අපගේ මෙම වර්ධනය මඟින් නව ආදායම් උත්පාදන ක්‍රමවේද සක්‍රීය කර ගැනීමට සහ ඒ හරහා ස්ථාවර ප්‍රතිලාභ ලබාදීමට අපගේ හැකියාව පෙන්නුම් කරන අතර, අපගේ කොටස්කරුවන් සඳහා දිගු කාලීන වටිනාකම් ලබා දීමට සහ වෙනස් වන මූල්‍ය පරිසරය තුළ අඛණ්ඩ සාර්ථකත්වය සහතික කරමින්, සුවිශේෂී අවදානම් කළමනාකරණ විසඳුම් සහ නව විසඳුම් හඳුන්වා දීමට අපි නිරන්තරයෙන්  කැපවන බවත් පැවසිය යුතුමයි.” යනුවෙන් අදහස් දැක්වීය.

2024 වසරේ දී  First Capital සමාගම, කීර්තිමත් සම්මාන කිහිපයක් දිනා ගනිමින් මෙරට මූල්‍ය සේවා අංශයේ සිය නායකත්වය තහවුරු කර ගැනීමට සමත් වූ අතර,  2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී, First Capital Holdings ‘වසරේ සන්නාමය’ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, එම සම්මාන උළෙලේදීම එම සමාගම ‘වසරේ සේවා සන්නාමය’ට හිමි සමානය ඇතුළු අතිරේක සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව Business Today සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමට සමගාමීව 2023/24 වසර සඳහා අදාළ ශ්‍රේණිගත කිරීමෙහි  TOP 40 ලැයිස්තුවේ පිළිවෙලින් 20 වන සහ 21 වන ස්ථාන හිමි කර ගැනීමට First Capital Holdings PLC  සහ First Capital Treasuries PLC යන සමාගම් ද්විත්වය සමත්වූ අතර, එය 2024/25 වසරේ පළමු අර්ධය තුළ සමාගමේ සුවිශේෂී වර්ධනය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට එම සමූහය ලබා දුන් සුවිශේෂී දායකත්වයට සාක්ෂි සපයයි.

මීට අමතරව, CA Sri Lanka විසින් සංවිධානය කරන ලද TAGS සම්මාන උළෙලේ දී, First Capital Holdings, First Capital Treasuries සහ First Capital Money Market Fund (unit trust) යන ආයතන ත්‍රිත්වය රන් සම්මාන දෙකක් ඇතුළුව සමස්ත සම්මාන පහක් දිනා ගැනීමට සමත්වූ අතර, CMA Excellence in Integrated Reporting Awards 2024 හිදීද එම සමාගම ඇගයීමට ලක්වීම විශේෂිතය. ඊට අමතරව First Capital සමාගම, බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS)  හා සබැඳි ශ්‍රී ලංකා වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය (BCSSL) විසින් සංවිධානය කරන ලද ජාතික ICT සම්මාන 2024  (NBQSA) උළෙලේ දී,  WhatsApp හරහා ඒකක භාරයන් හි ගනුදෙනු සක්‍රීය කරන First Capital Invest WhatsApp නාලිකාව (ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණික හඳුන්වා දීම), අභ්‍යන්තර නිමැවුම් කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීම ද සඳහන් කළ යුතු ම ජයග්‍රහණයකි. එමෙන්ම  First Capital සමාගමේ විශිෂ්ටත්වය තහවුරු කරමින් සතුටුදායක ලෙස වෘත්තියේ යෙදීමට සුදුසුම ආයතනයක් ලෙස ‘Great Place to Work’ සම්මානය අඛණ්ඩව වසර තුනක් දිනා ගැනීමට සමත් වීමද විශේෂත්වයකි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව