First Capital Asset Management සමාගම වෙතින් ආයෝජන ක්‍රමයේ විප්ලවීය වෙනසක්

IMAGE 01

First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි.
 



 

First Capital Money Plus Fund, ආයෝජකයින් හට ස්ථාවර තැන්පතු හා සමාන ප්‍රතිලාභයක් ලබා දෙන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක හැටන් නැෂනල් බැංකුව විසින් නිකුත් කරන ලද ඩෙබිට් කාඩ්පතක් හරහා සිය මුදල් ආපසු ලබාගැනීමේ පහසුකමද සලසා දී තිබේ. තවද මෙම සුවිශේෂී සේවාව නිසා රට පුරා පිහිටි ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමටත් පහසුවෙන් ඔන්ලයින්/ මාර්ගගත ගෙවීම් සිදු කිරීමටත් ආයෝජකයින්ට හැකියාව පවතී.

විවිධ මූල්‍ය අරමුණු වෙනුවෙන් භාවිත කළහැකි දැනට වෙළඳපොළ පවතින ආකර්ෂණීය අරමුදලක් ලෙස මෙය හඳුන්වාදිය හැක. අඩු ප්‍රතිලාභ ලබාදෙන සාමාන්‍ය ඉතුරුම් ක්‍රම මෙන් නොව, දෛනික ශේෂය මත ප්‍රතිලාභ ගණනය වීම සහ එම ප්‍රතිලාභ මතද තව ප්‍රතිලාභ හිමි වීම නිසා ධනය කාර්යක්ෂමව වර්ධනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ ප්‍රියතම තේරීම මෙය වනු නොඅනුමානයි. වැටුපට හිමිවන ප්‍රතිලාභ උපරිම කර ගැනීම, හදිසි අරමුදලක් ගොඩනඟා ගැනීම, අපේක්ෂිත අනාගත වියදම් සඳහා අරමුදල් වෙන් කිරීම, ආයෝජන ඉලක්ක කාර්යක්ෂමව සපුරා ගැනීම වැනි අවශ්‍යතා සඳහා First Capital Money Plus අරමුදල යෝග්‍ය සහ ආකර්ෂණීය ප්‍රතිලාභ සහිත විසඳුමක් වේ.

මෙම අරමුදල කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ඇතුළු රජයේ සුරැකුම්පත් සහ විවිධ කෙටිකාලීන ආයෝජන අවස්ථාවන්හි ආයෝජනය කරන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය, භාරකරු ලෙස හැටන් නැෂනල් බැංකුවේ ස්වාධීන අධීක්ෂණය සහ First Capital හි පළපුරුදු අරමුදල් කළමනාකරුවන්ගේ විශේෂඥ කළමනාකරණය තුළින් එහි ආරක්ෂාව නිරන්තරයෙන් සහතික කෙරේ. මෙම ආරක්ෂිත පියවර මගින් ආයෝජකයින්ට ඔවුන්ගේ අරමුදල් පිළිබඳ කණස්සල්ලකින් තොරව සිටීමට අවස්ථාව උදා කරයි.

First Capital Asset Management හි ප්‍රධාන විධායක නිලධාරී කවීන් කරුණාමුර්තී අදහස් දක්වමින් පවසා සිටින්නේ, “ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් අවම ප්‍රතිලාභ ලබාදෙන ගිණුමක තැන්පත් කොට වැඩි ප්‍රතිලාභ ඇති අවස්ථා මඟහැර සිටින්නේ ඇයිදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? බොහෝ පුද්ගලයින් සැලසුම් කළ වියදම් හෝ හදිසි අවස්ථා සඳහා අරමුදල් වෙන් කළත්, ඔවුන්ගේ මුදල්වලට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති හැකියාව නොසලකා හරිනවා. ඔබේ අරමුදල් සඳහා ඉහළ ප්‍රතිලාභයක් සහ අවශ්‍ය ඕනෑම වෙලාවක මුදල් ලබාගැනීමේ හැකියාවත් යන විසඳුම් දෙකම එකවර ලබාදීමට First Capital Money Plus Fund සමත් වෙලා තියෙනවා. එය ඔබේ මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමට හැකි සාමාන්‍ය ඉතුරුම් හෝ ආයෝජන වලින් ඔබ්බට ගිය නව්‍ය විසඳුමක්.” යනුවෙනි.

මෙම අරමුදල සඳහා වර්තමානයේදී ලබාදෙන ප්‍රතිලාභ අනුපාතය ඕනෑම අවස්ථාවක වෙනස් විය හැක. අතීත කාර්යසාධනය මගින් අනාගත කාර්යසාධනය මැනිය නොහැකි බැවින් ආයෝජන තීරණ ගැනීමට පෙර KIID කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත් මෙම ආයෝජන සඳහා වන ගාස්තු පිලිබඳ අවබෝධ කරගන්නා ලෙසත් සමාගම ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව