First Capital ආයෝජන බැංකුකරණයේ ඉහළම ශ්‍රේණිගත කිරීම සමඟින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක්වෙයි

FC AMONG SL'S TOP 100

ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත කිරීමෙන් (AA) සමාගම පිදුම් ලද අතර, එය සේවාදායකයින් සමාගම කෙරෙහි තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරයි. මෙම ජයග්‍රහණය, පාරිභෝගික කේන්ද්‍රීය උපායමාර්ග සහ ඩිජිටල් නවෝත්පාදනය සඳහා First Capital හි කැපවීම අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රය තුළ First Capital හි නායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි. එය සමාගමේ ස්ථාවර කාර්ය සාධනය, නව්‍ය විසඳුම්, විනිවිදභාවය සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය තත්ත්වය නංවාලීමේ අරමුණ ද පිළිබිඹු කරයි.

 



 

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී, ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ පැවසීය. “ආයෝජන බැංකුකරණයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත කිරීම සමඟින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වීමට අපට හැකිවූයේ අප සිදුකරන සෑම කටයුත්තක්ම ගනුදෙනුකරුවන් මූලික කරගෙන සිදුකරන නිසාවෙනි. අපගේ කණ්ඩායම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා නිසි ලෙස තේරුම් ගෙන, ඒවාට සරිලන පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක බවින් ඉහළ මූල්‍ය සේවා රැසක් ලබාදීමට කටයුතු කරන අතරම ආයෝජන ක්‍රියාවලිය සරල හා වඩාත් ආකර්ශනීය කිරීමට ඩිජිටල් නවෝත්පාදනයන් ද භාවිත කරයි. මෙම ජයග්‍රහණය, සියලුම අවශ්‍යතා වලට සරිලන පහසුවෙන් ලබා ගත හැකි මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම, පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට වර්ධනය සඳහා අවස්ථාවන් ලබා දීම සහ නව්‍ය මූල්‍ය විසඳුම් හරහා දිගුකාලීන සමෘද්ධියට සහාය වෙමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නංවාලීම යන First Capital හි දැක්ම ද පිළිඹිබු කරනවා.”

First Capital සමාගමේ අලෙවි ප්‍රධානී රන්දිනිත් මදනායක මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය. “ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට නැවත වරක් එක් වීමට ලැබීම අපිට ආඩම්බරයක්. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට සමීපව සවන් දීම, ඒවාට ගැළපෙන විසඳුම් ලබාදීම සහ සෑම ආයෝජකයෙකුටම විශ්වාසයෙන් හා ධෛර්යෙන් කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට අප අනුගමනය කළ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයේ ප්‍රතිඵලයකි. සියලුම ශ්‍රී ලාංකිකයින් සාර්ථක මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ මෙවලම්වලින් සන්නද්ධ කිරීමට අපි උත්සාහ කරන අතරම, ආයෝජන පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම ද අපගේ එක් ප්‍රමුඛතාවයක්ව පවතී. මෙම ජයග්‍රහණය, විශ්වාසය, ස්ථාවර කාර්ය සාධනය සහ සෑම අවස්ථාවකදීම වටිනාකමක් ලබා දීමට අපගේ ඇති කැපවීම මත ගොඩනැඟුණු First Capital සන්නාමයේ ශක්තිය හා විශ්වසනීයත්වය මනාවට කියාපානවා.”

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීම් සහ උපායමාර්ග උපදේශන සමාගමක් වන Brand Finance UK හි අනුබද්ධිත Brand Finance Lanka විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරන ලද  අතර එහිදී ආයෝජනය, සන්නාම ශක්තිය සහ කාර්ය සාධනය මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් භාවිත කරමින් සන්නාම වාර්ෂිකව ඇගයීමට ලක් කෙරේ. සන්නාමයේ ශක්තිය හා කීර්තිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී ඇගයීමක් සහතික කරමින්, පුළුල් මූල්‍ය විශ්ලේෂණයන් සහ තෙවන පාර්ශවීය පාරිභෝගික අදහස් මගින් මෙම ශ්‍රේණිගත කිරීම් තවදුරටත් තහවුරු කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව