Fcode Labs යුරෝපයේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ සංචාරයක නිරත වෙයි

FCODE (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ මෘදුකාංග ඉංජිනේරු සමාගමක් වන Fcode Labsහි (www.fcodelabs.com) නියෝජිත පිරිසක් පසුගියදා යුරෝපා රටවල් ගණනාවක සංචාරයක නිරත විය. ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීම සහ හවුල්කාරිත්ව අවස්ථා ගවේෂණය එම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. නියෝජිත පිරිස ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී කර්මාන්ත ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමු විය. කළාපයේ ව්‍යාපාර සහ හවුල්කාරිත්ව අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ වාර්තාවක් එළිදැක්වීමේ උත්සවයකටද ඔවුහු සහභාගී වූහ. උතුරු යුරෝපීය වෙළෙඳපොළට පිවිසීමේදී ඇති අභියෝග, අවස්ථා සහ රාජ්‍ය අනුග්‍රහය වැනි කරුණු පිළිබඳව එහිදී  සාකච්ඡා කරන ලදී.

ස්ටොක්හෝම්හි පැවැති ‘Retail Tech 2023’ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් Fcode Labs නියෝජිත පිරිස සිය මෘදුකාංග නිෂ්පාදන සේවා ප්‍රදර්ශනය කළේය. ඔවුන් ස්කැන්ඩිනේවියානු රටවල ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා මහතා හමු වී සාකච්ඡා කළ අතර සමාගමේ ව්‍යාපාර කටයුතු කළාපයේ  ව්‍යාප්ත කිරීමට උපරිම සහයෝගය දෙන බවට තානාපතිවරයා සහතික විය. ඇම්ස්ටර්ඩෑම් සංචාරය අතරතුර නියෝජිත පිරිස නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය හමු විය. එහිදී පැවැත්වූ සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.  සංචාරය අවසානයේ නෙදර්ලන්තයේ දුම්රිය සේවා හා සම්බන්ධ ව්‍යාපෘති දියත් කරන සමාගමක් සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට Fcode Labs සමාගමට හැකි විය. “මෙම සමාගමේ ඉදිරි වසර කිහිපය සඳහා ඉංජිනේරු සහකරු ලෙස අප කටයුතු කරනවා. ඊට අමතරව තවත් සමාගම් කිහිපයක් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු වෙනවා.” Fcode Labsහි සම ප්‍රධාන විධායක නිලධාරී තරිඳු මලවරආරච්චි පැවැසුවේය.  Fcode Labs රජය, බහුජාතික සමාගම්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වැනි පාර්ශ්ව රැසකට සේවා සපයන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග ඉංජිනේරු සමාගමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව