Fadna වෙතින් ශ්‍රී ලාංකීය ෆාමසි ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා “Grow Beyond”

2-1-1

 




 

 

තරගකාරී කාර්යබහුල ලෝකයට සොබාදහමේ යහගුණය රසවත් පානවර්ග පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙමින් දෙස් විදෙස් ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ Functional Tea නිෂ්පාදන සමාගමක් වන Fadna විසින් සංවිධානය කරනු ලබන  “Grow Beyond” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙරට ෆාමසි ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා විද්වතුන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සාකච්ඡුාමය වැඩසටහනක්, 2021 සැප්තැම්බර් 25 වැනිදා පවත්වන ලදී. දිවයින පුරා සිටින ෆාමසි හිමිකරුවන් ඉලක්ක කරමින් ලෝක ඖෂධවේදීන්ගේ දිනය හා සමගාවීව Zoom තාක්ෂණයෙන් මාර්ගගත ක‍්‍රමයට (Online) එම සාකච්ඡාමය වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

ගෝලීය වසංගත තත්ත්වයත් සමග සෑම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයකම යම් පසුබෑමක් සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ෆාමසි ක්ෂේත‍්‍රයටත් එය පොදු විය. වෙනස් වූ ව්‍යාපාරික පරිසරය තුල සාර්ථකව ෆාමසි ක්ෂේත‍්‍රයේ ව්‍යාපාර කටයුතු සිදුකිරීම පිළිබඳ දැනුම හා අත්දැකීම් බෙදාගැනීමෙහිලා Fadna විසින් සමස්ථ ලංකා පුද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමය (AIPPOA) සමග එක්ව “Grow Beyond” සාකච්ඡාමය වැඩසටහන සංවිධානය කරන ලදී. වසංගත තත්ත්වය සමග එල්ලවෙන අභියෝගවලට මුහුණ දෙමින් ව්‍යාපාරය ලාබ ලබන තත්ත්වයට පත්කරගන්නා ආකාරය පිළිබඳ මෙම වැඩසටහනේදී විශේෂයෙන් සාකච්ඡුා කළ අතර ඖෂධ සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ඖෂධ පිළිබඳ හා අලෙවිකරණය පිළිබඳ වෘත්තීමය පළපුරුද්දක් සහිත සේවකයන්ගේ වටිනාකමත් වෙනස්වන ව්‍යාපාර පරිසරයේ නව ප‍්‍රවණතා පිළිබඳ අධ්‍යනයේ වැදගත්කමත් සාකච්ඡා කෙරිණ.

Fadna විසින් “Grow Beyond” සාකච්ඡාමය වැඩසටහන සංවිධානය කිරීමේ තවත් එක් ප‍්‍රධාන අරමුණක් වූයේ ෆාමසි ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන්ට ගෝලීය වසංගත තත්ත්වය මැද ධනාත්මක ආකල්ප සහිතව අභියෝගවලට මුහුණ දීමෙහිලා තාක්ෂණික හා අධ්‍යාපනික අත්වැලක් සැපයීමයි. දිමුතු රුවන් පියසේන මහතා විසින් මෙහෙයවනු ලැබූ විද්වත් සභාවේ ෆාමසි ක්ෂේත‍්‍රයේ සහ ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වූ දීපාල් සූරියආරච්චි, චන්දන ගුණවර්ධන, කැළුම් ජයසූරිය සහ රුවන් රයිගම්කෝරාල යන මහත්වරුන් විසින් තම දැනුම හා අත්දැකීම් වැඩසටහනට එක්වූවන් සමග බෙදාගනු ලැබීය.

ශ්‍රී ලාංකීය ෆාමසි ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා Fadna විසින් සංවිධානය කරනු ලැබූ සාකච්ඡාමය වැඩසටහන පිළිබඳ ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා  “ ශ්‍රී ලංකාවේ ඖෂධීය පාන වර්ග පිළිබඳ වෙළෙඳපොලේ පුරෝගාමීන් විදිහට ෆැඞ්නා ආයතනය මෙවැනි වැඩසටහනක් සංවිධානය කළේ වසංගත අභියෝගයත් එක්ක අප ලැබූ අත්දැකීම් වගේම අපට ලැබුන ඉල්ලීම් රැුසක් පදනම් කරගෙනයි. ව්‍යාපාර ආයතන විදිහට අපි සියළුදෙනා සාමූහිකව අවබෝධයෙන් කටයුතු කළොත් අප බලාපොරොත්තු වන ව්‍යාපාරික සාර්ථකත්ව අරමුණු වලට ළඟා වෙන්න පුළුවන්. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදීත් අප සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙනවා. ” යැයි පැවසීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව