EY GDS Sri Lanka සාර්ථකත්වයෙන් පිරි අභිමානවත් දෙවසරක් සමරයි

EY GDS (LBN)

පුළුල් උපාය මාර්ග සමඟින් දේශීය කුසලතා වර්ධනයට අඛණ්ඩව කැප වූ ගමනක්

EY Global Delivery Services (GDS) ශ්‍රී ලංකාව තුළ ස්වකීය දෙවෙනි සාර්ථක වර්ෂය සාඩම්බරයෙන් යුතුව පසුගිය දා සමරනු ලැබීය. EY GDS යනු රටවල් 10ක වෘත්තිකයන් 75,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ගෝලීය වශයෙන් ඒකාබද්ධ ජාලයක් වන අතර ලොව පුරා සිටින EY සේවාලාභීන්ට සහාය වීම සඳහා EY සාමාජික සමාගම්වලට නව්‍ය ව්‍යාපාරික විසඳුම් සමඟින් සහය ලබා දීම මෙහි අරමුණයි.

 



 

EY GDS Sri Lanka ආයතනය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර ඉන් ඔබ්බට විහිදෙමින්, ආසියා ශාන්තිකර කලාපය තුළ නව අවස්ථා සහ හවුල්කාරිත්වයන් සපයන අතර ඉන්දියාවේ සහ පිලිපීනයේ EY GDS ආයතන සමඟ කලාපයට ආසන්න සේවා මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරයි.

2022 වර්ෂයේ මෙරට මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා ඉතා සීඝ්‍ර වර්ධනයකට හිමිකම් කී EY GDS Sri Lanka ආයතනය මේ වන විට 250කට අධික වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම්ලත් ශ්‍රම බලකායකින් බල ගැන්වෙයි. ව්‍යාපාරික සහ තාක්ෂණ උපදේශන සේවා සහ විගණන ඇතුළු ව්‍යාපාරයේ මූලික සේවාවන් සමඟ සයිබර් ආරක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික ඉගනුම්, දත්ත විශ්ලේෂණය, ගුණාත්මක ඉංජිනේරු සහ පරීක්ෂණ, ව්‍යාපෘති කළමනාකරණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙරට දක්ෂ, තරුණ සහ පලපුරුදු වෘත්තිකයන්ට රැකියා අවස්ථා පිරිනමන්නටත් EY GDS Sri Lanka මේ වන විට සමත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් EY GDS Sri Lanka ආයතන ප්‍රධානී සමන්ත රාජපක්ෂ පවසා සිටියේ “අප ශ්‍රී ලාංකිකයන් සතු හැකියාවන් සහ ජාතියක් වශයෙන්, මෙරටෙහි ශක්‍යතාව ගැන විශ්වාස කරන අතර එහි සාර්ථකත්වයේ කොටසක් වීමට තීරණය කර තිබෙනවා. එම නිසා, අපත් සමඟ අනාගතය හැඩගස්වා ගැනීමට කැමති, දක්ෂතා සහිත පළපුරුදු සහ නවක වෘත්තීයන් බඳවා ගනිමින් අපගේ කණ්ඩායම පුළුල් කිරීමට අප නිරන්තරයෙන්ම කටයුතු කරනවා.” යනුවෙනි.

අභිලාෂකාමී අරමුණක් ඇති විධිමත් සැලැස්මක් සමඟ ආයතනයේ ශ්‍රම බලකාය ඉදිරි මාස 12ක කාලය තුළ දෙගුණ කිරීමටත්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් සමඟ නම්‍යශීලී වෘත්තීය අවස්ථා සැමට හිමිවන ගතික සහ නම්‍යශීලී  කආයතන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද EY GDS Sri Lanka ආයතනය අදහස් කරන බව ද ඔහු සඳහන් සදහන් කලේය.

“ආයතනයක් වශයෙන්, අප අපගේ සේවක පිරිසෙහි විවිධත්වය අගය කරනවා. 50:50 ස්ත්‍රී පුරුෂ අනුපාතය පවත්වා ගැනීම, සමාජ සාධාරණත්වය සහ පුද්ගල ගරුත්වය ආරක්ෂා කිරීම, ඔවුන්ගේ කුසලතා පෝෂණය කිරීමට අතහිත දීම වැනි කාරණා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් වනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස අපේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට කැපවී සිටින අතරම, ගතානුගතික සීමාවන්ගෙන් ඔබ්බට යමින් ජාතියේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමටත් අප නිසි පියවර ගන්නවා.” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

මෙය, තොරතුරු තාක්ෂණ දැනුමින් පොහොසත් මතු පරපුරක් බිහි කිරීම දක්වාම විහිදෙන පොරොන්දුවකි. තාක්ෂණ අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ජාතික ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා EY GDS Sri Lanka විසින් දැනටමත් විශ්වවිද්‍යාල කිහිපයක් සමඟම සහයොගයෙන් යුතුව කටයුතු කරයි. සිසුන්ට ක්ෂේත්‍රය තුළ දැනුම, අත්දැකීම් හා කුසලතා ලබා දෙමින් ඔවුන්ට වෘත්තීය අවස්ථා විවර කර දීමට EY GDS Sri Lanka දැනටමත් මැදිහත්ව ඇත.

EY GDS Sri Lanka හි මේ සුවිසල් සේවාව ආයතනික වගකීම්වලින් ඔබ්බට යමින් සමාජය වෙත ද යොමු වී ඇත. ගෙවී ගිය දෙවසරක කාලය තුළ EY GDS Sri Lanka වෘත්තිකයන් පැය 200කට අධික කාලයක් සමාජ සත්කාර වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ අතර එය ඍජු හා වක්‍ර අයුරින් බොහෝ පිරිසකට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ද හේතු විය. තවද, අපද්‍රව්‍ය අවම කිරීමට කටයුතු කිරීම සහ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම වැනි කරුණු මඟින් පාරිසරික තිරසාරත්වය පිළිබඳව ද විශේෂ අවදානයක් ඔවුන් විසින් යොමු කර තිබේ.

යහපත් අනාගතයක් අපේක්ෂාවෙන්, ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක වෘත්තීය ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරට උර දුන් EY GDS Sri Lanka  ස්වකීය සාර්ථකත්වයේ දෙවසර මෙලෙස සනිටුහන් කරනු ලැබීය. ශ්‍රී ලංකාව, ආසියා-ශාන්තිකර කලාපය තුළ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම පමණක් නොව එහි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරීව කැපවීමට ද EY GDS Sri Lanka ‍ඉලක්ක කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව