Expolanka Holdings PLC සර්වෝදය සමඟ එක්ව සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කරයි

 



 

 

 

ශ‍්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායකත්ව දොරගුලූ විවර කිරීමට ගන්නා ප‍්‍රයත්නයක් ලෙස සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීම උදෙසා ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Expolanka Holdings සර්වෝදය සමඟ අත්වැල් බැඳ ගත්තේය.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සැපයීමටත් බහුතර ශ‍්‍රී ලාංකික කාන්තාවන්ට ඔවුන්ගේම ස්ථාවර, තිරසාර ආදායම් උත්පාදනය කිරීම මගින් මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට මං පෙත් විවර කිරීමත්යx

කොළඹ දිස්ත‍්‍රික්කයේ තෝරාගත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs)  හට ඔවුන්ගේ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා ප‍්‍රදානයක් ලබා දීම සහ නැගී එන ‘නව සාමාන්‍යකරණය’ ට හැඩගැසීමට ඔවුන්ට උපකාර කිරීම මෙම මුලපිරීමේ අරමුණයි. එහිදී මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 24ක මුදලක් වෙන් කර ඇත.

සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සහ Expolanka සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී හනීෆ් යූසුෆ් මහතා ඇතුළු ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Expolanka Holdings ප‍්‍රධාන විධායක නිලධාරී හනීෆ් යූසුෆ් මහතා පැවසුවේ ‘’අපේ රටේ සංවර්ධනය සැබවින්ම සිදු විය හැක්කේ අපේ කාන්තාවන් පූර්ණ වශයෙන් සවිබල ගැන්වීමෙන් පසුව පමණයි. සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සමඟින් දියුණු වීමට හැකියාව ඇති සහ සමාජය පුරා ධනාත්මක ආකල්ප ඇති කිරීමට හැකියාව ඇති කාන්තාවන් විසින් මෙහෙයවන MSMEs සඳහා මූල්‍ය ආධාර, උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදීම අපගේ අරමුණයි. අනෙක් අතට මේ හරහා ශ‍්‍රී ලාංකික කාන්තාවන්ට වර්ධනය වීමට සහ ඔවුන්ගේම මූල්‍ය ස්වාධීනත්වය ළඟා කර ගැනීමට වැඩි අවස්ථා නිර්මාණය කළ හැකියි. අපගේ ජාතිය ගොඩනැගිීමේ මාවත මෙය බව අපි විශ්වාස කරන අතර ව්‍යාපෘති සවිබල ගැන්වීමට එහි උපරිම හැකියාවන් කරා ළඟා වීමට උපකාර කිරීම සඳහා සර්වෝදය වැනි ශක්තිමත් හවුල්කරුවෙකු සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා.’’ යනුවෙනි.

මෙම ව්‍යාපාරවල ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ඒවා ප‍්‍රගතියත් සමඟ අමතර අරමුදල් වෙන් කිරීම සඳහා Expolanka සහ සර්වෝදය යන ආයතනවල සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද ගිවිසුම් ගත වී ඇත.

ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යවසාය/අදහස, ඔවුන් මුහුණ දුන් අභියෝග සහ ඒ සඳහා වන මූල්‍ය අවශ්‍යතා මත පදනම්ව පළමු ව්‍යාපාරික හවුල්කරුවන් කණ්ඩායම තෝරා ගන්නා ලදී. හවුල්කරුවන් ආහාර, හස්ත කර්මාන්ත, ඇඟලූම්, මැහුම්, පාවහන්, ස්ථාවර රූපලාවන්‍ය සත්කාර සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ආදී පුළුල් පරාසයක විසිරී ඇත.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සර්වෝදය සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා පැවසුවේ ‘’කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන් සඳහා අතහිත දීම සහ දියුණුව සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අවැසි පූර්ණ සහය ලබා දීම අප Expolanka සමඟ සම්බන්ධ වීමේ අරමුණයි. මෙම අරමුණ සාක්ෂාත් කරගනු ලබන්නේ මූල්‍ය සම්පත් බෙදා හැරීම මෙන්ම කොරෝනා වසංගතයෙන් පසුව මෙම ව්‍යාපාරවලට හැඩගැසීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාර වන තාක්ෂණික සහාය මගින්. Expolanka හි සහයෝගය සහ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇති උනන්දුව සමඟ අප සතු යටිතල පහසුකම් සහ නිපුණතා මුසු කිරීමෙන් නිසැක සාර්ථකත්වයක් කරා ළඟා විය හැකියි.’’ යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය කාන්තා ව්‍යවසායකයින් සඳහා අවස්ථා උත්පේ‍්‍රරණය කිරීම සඳහා සබි‍්‍රනා යූසුෆ් කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන විසින් ආරම්භ කරනු ලබන නියැලීම් මාලාවේ පළමු පියවර වනු ඇත.

ව්‍යාපෘති සවිබල ගැන්වීම ප‍්‍රථම වරට ආරම්භ කරන ලද්දේ Expolanka හි තිරසාර ප‍්‍රධානී දිවංගත සබි‍්‍රනා යූසුෆ් මැතිණිය විසිනි. වඩාත් සමෘද්ධිමත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වෙහෙස නොබලා කැපවීමෙන්, ආදරයෙන් සහ උනන්දුවෙන් ඇය කටයුතු කළාය. ඇයව අනුස්මරණය කිරීම වෙනුවෙන් දියත් කරන ලද මෙම මුලපිරීම් ඔස්සේ ඇයව ගෞරවයෙන් සිහිකිරීම සහ ඇයගේ දැක්ම ඉදිරියට ගෙනයාම සිදුකරනු ලබයි.

Expolanka ආයතනයක් ලෙස සෑමවිටම එහි පාරිසරික, සමාජීය සහ පාලන මුලපිරීම්වල හරය වන සමාජ සුබසිද්ධිය වෙනුවෙන් මෙහෙයවන තිරසාර, ව්‍යවසායකත්ව වැඩසටහන්හි දී පෙරමුණ ගෙන කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව