Eximius Power & Energy ශ්‍රී ලංකාවට තිරසාර බලශක්ති විසදුම් ගෙන එයි

01_Mr.Danuke Weerasinghe – Chairman Managing Director (1)

2024 ඉදිකිරීම් බලශක්ති ප්‍රදර්ශණයේ ප්‍රධාන අනුගාහකයා (Gold Sponcer)

වර්ධනය වන ආර්ථික සදහා මෙන් ම පරිසරය ආරක්ෂා කිරීමත් තිරසාර විසදුම් අත්‍යාවශ්‍ය යුගයක, චීනයේ සුප්‍රසිද්ධ Sineng සමූහය සමග ශ්‍රී ලාංකික Eximius Power & Energy සමාගමේ හවුල්කාරීත්වය මත අති නවීන බලශක්ති ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන සහ විසදුම් ගෙන එයි.

නේවාසික, වාණිජ සහ උපයෝගීතා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති ලොවපුරා තිරසාර බලශක්තියට දායක වන බව, Sineng Electric හි උසස් තාක්ෂණය, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ අලෙවියෙන් පසු ලබාදෙන සේවාව පිළිබඳ ව සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ ධනුක වීරසිංහ පැවසීය.




2024 Construction, Power & Energy Expo ප්‍රදර්ශනයේ දී Eximius සිය නිෂ්පාදන සමූහය ප්‍රදර්ශනය කිරීමට සූදානම්ව සිටී. ජූලි 5, 6, 7 යන දිනයන්හි දී BMICH පරිශ්‍රය තුල මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර Eximius මෙහි ප්‍රධාන ප්‍රධාන අනුග්‍රාහකයා (Gold Sponcer) වේ. මෙහිදී හදුන්වාදෙනු ලබන ප්‍රධාන නිෂ්පාදනයක් ලෙස Tier 1 වර්ගයේ සෝලා ඉන්වර්ටරය ඉදිරිපත් කෙරේ. එහි ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා Eximius සමාගමයි.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කිරීමේ දී අපගේ බලශක්තිය සැපයීමට හැකි වීම මහඟු පිටුවහලක් වේ. පසුගිය කාලය තුළ බලශක්තිය සම්බන්ධ ගැටළු රාශියක් ශ්‍රී ලංකාවට පැවතුණි. පාරිභෝගිකයාට පමණක් නොව රටක් ලෙස ද වාසිදායක හා දිගු කාලීන විසදුම් දෙස බැලීමට අවස්ථාව මෙය බව, අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී චතුර වීරසිංහ පැවසීය.

වසර ගණනාවක් පුරා බලශක්ති විසදුම් වෙළදපොලේ Eximius Power & Energy ප්‍රධාන විසදුම්කරුවෙකු බවට පත්ව ඇත. Eximius සමාගම විසින් මහා පරිමාණ ව්‍යාපෘති සදහා විසදුම් ලබා දෙයි. එමෙන් ම මෙම විසඳුම් එක් එක් පාරිභෝගිකයාගේ නිශ්චිත අවශ්‍යතා සහ අයවැය මත පදනම් ව සිදු කරයි. අලෙවියෙන් පසු ලබා දෙන පුළුල් සේවාවන් පිළිබද ව සමාගම විශ්වසනීය නමක් දිනා සිටී.

Sineng සහ Eximius විසදුම් පිළිබද වැඩි විස්තර සදහා 0112 314 800 / 0717 87 77 88 අමතන්න. ඉදිකිරීම් හා බලශක්ති ප්‍රදර්ශනයේ 2024 කුටි අංක 01 සහ 02 වෙත පිවිසෙන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව