Eximius Power and Energy Private Limited වෙතින්, Tier1 SINENG ඉන්වර්ටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

01 (LBN)

චීනයේ සුප්‍රසිද්ධ Sineng Electric සමාගම සමග එක්ව ශ්‍රී ලංකාවේ පුරෝගාමී බලශක්ති විසඳුම් ලබාදෙන්නන් අතර ඉහළින් සිටින Eximius Power and Energy (EPE) තාක්ෂණයෙන් දියුණු සහ නවතම බලශක්ති විසදුමක් ලෙසින් Tier1 Sineng  ඉන්වර්ටර් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

BMICH හිදී පසුගියදා නිමාවට පත් වූ ඉදිකිරීම්, විදුලිය හා බලශක්ති  (Construction, Power and Energy Expo 2024) ප්‍රදර්ශනයේ දී නවතම Tier1 ඉන්වර්ටරය එළිදක්වන ලදී.

 



 

එහි දී Exmius හි  සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ  ධනුක වීරසිංහ පවසා සිටියේ “උසස් ප්‍රමිතියෙන් යුත්, තාක්‍ෂණිකව දියුණු Tier1 Sineng  ඉන්වර්ටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන Eximius සමාගම ලෙස අප ආඩම්බර වෙනවා. Sineng යනු බලශක්ති සහ බලශක්ති අංශයේ ලොව ප්‍රකට සන්නාමයකි. මෙම ඉන්වර්ටර් ලොව පුරා ගෘහස්ථ, වාණිජ සහ කාර්මික මෙන්ම සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ද බහුලව භාවිතා වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන්ම අපගේ සේවාදායකයින් සමඟ එක්ව පහසු මිලක් යටතේ Tier1 ඉන්වර්ටර් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙමු.”

Tier1 Sineng  විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත්තේ ඕනෑම කාලගුණික මෙන්ම පාරිසරික තත්ත්වයන්ට සුදුසු වන ආකාරයෙන් නිෂ්පාදනය කර ඇත. Tier1 Sineng  ධාරිතාවය 3kW සිට 350kW දක්වා වු  සින්ගල් පේස් (single phase) සහ ත්‍රී පේස් (Three phase ) යන ධාරිතාවයන්ට භාවිතා කිරීමේ හැකියාව පවතී. එමෙන්ම String Inverters සහ Central Inverters , 8.8MW ධාරිතාවයක් දක්වා වර්ධනය කර දීමේ අති විශිෂ්ඨ හැකියාවක් මෙහි ඇත. Transformers and Switchgears fitted අන්තර්ගත වන බැවින් එය පාරිභෝගික අභිරුචිය මත භාවිතා කළ හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි.

විදුලි ඉංජිනේරු කර්මාන්තයේ පුරෝගාමී බලවේගයක් ලෙස 2014 වසරේ දී ආරම්භ කරන ලද  Eximius Power and Energy Private Limited,  වසර ගණනාවක් පුරා ඉහළම ප්‍රමිතීන් යටතේ ව්‍යාපෘති රැසක් සිදු කරමින් බලශක්ති විසඳුම් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස පිළිගැනීමට ලක්වී ඇත.

Eximius Power and Energy Private Limited පූර්ණ හිමිකාරීත්වය සහිත ආයතනයක් ලෙස පිහිටුවන ලද අතර, තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති කර්මාන්ත ක්ෂේත්‍රයේ ආරම්භය සනිටුහන් කරයි. එතැන් සිට ඉහළ ප්‍රමිතීන්ට හා විශිෂ්ට කාර්ය සාධනයක් සමඟ ගුණාත්මක මට්ටමේ Solar PV සේවාවන් සැපයීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට Eximius සමත් විය. වර්ථමානයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛතම Solar PV සේවා සපයන සමාගම බවට ද Eximius පත් වී ඇත.

“එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන් සහ අයවැය මත පදනම්ව ඔවුන්ගේ රුචිකත්වයන්ට අනුකූලව තිරසාර විසඳුම් නිර්මාණය කිරීමේ විශිෂ්ඨත්වය සඳහා Eximius Power and Energy Private Limited පිළිගැනීමට ලක්ව ඇත. අප විසින් ලබා දෙනු ලබන බලශක්ති විසඳුම්වල සාර්ථකත්වය සහ දිගුකාලීන පැවැත්ම සහතික කිරීම සදහා විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවූ නඩත්තු කණ්ඩායම් අප සමාගම සතුව ඇත.” යනුවෙන් Eximius සමාගමේ  අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී චතුර වීරසිංහ පැවසීය.

Sineng සහ Eximius විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා Hotline 0717 87 77 88 ඔස්සේ අප වෙත සම්බන්ධ වන්න හෝ 0112 314 800 ඔස්සේ අප අමතන්න හෝ සම්පූර්ණයෙන්ම නව අත්දැකීමක් සඳහා www.eximiuspe.com වෙත පිවිසෙන්න.

Sineng සහ Eximius විසදුම් පිළිබද වැඩි විස්තර සදහා 0112 314 800 / 0717 87 77 88 අමතන්න

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව