Exel Holdings නාවල ප්‍රදර්ශනාගාරය, සුඛෝපභෝගී Jaquar නානකාමර උපකරණ සමඟ සුවතා දිනය සමරයි

Image - Exel Holdings in Nawala Celebrates Wellness Day with Jaquar’s Luxury Bath Solutions (LBN)

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වසර 30කට අධික කාලයක් පුරා විශ්වාසවන්ත ආයතනික නාමයක් වන Exel Holdings (Pvt) Ltd, පසුගියදා සිය නාවල ප්‍රදර්ශනාගාරයේදී ජාත්‍යන්තර සුවතා දිනය සැමරීය. ජාත්‍යන්තර තලයේ නානකාමර කට්ටල සඳහා  ප්‍රමුඛයා වන Jaquar හි විශිෂ්ට සුවතා උපකරණ, එනම් සෝනා, ස්පා, වර්ල්පූල්, ඔක්සිපූල්, සහ වාෂ්ප ජනනය කරන උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර. එම නිෂ්පාදන නිවාස සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයන් සඳහා, නව ආකර්ෂණයක් සහ නවීන සුවතා ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇත.
 



 

මෙහිදී Jaquar India හි ගෝලීය ව්‍යාපාර සංවර්ධන හා විකුණුම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රජීව් රන්ජන් මහතා, Jaquar හි සුවතා උපකරණවල තාක්ෂණය සහ එම නිෂ්පාදන භාවිතයෙන් ඇතිවන  වාසි සම්බන්ධයෙන් පුළුල් දත්ත විශ්ලේෂණයක් සිදුකරනු ලැබීය. මෙයට අමතරව වෛද්‍ය විද්‍යාත්මක අංශයෙන් අමාලි ජයවර්ධන (DNM) මහත්මිය විසින් සෞඛ්‍ය ගැටලු කල්තියාම හඳුනා ගැනීම සහ ක්‍රියාශීලී කළමනාකරණය අරමුණු කරගත් ප්‍රගතිශීලී ජෛව ප්‍රතිපෝෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී.

එමෙන්ම මෙම උත්සවය සඳහා ප්‍රමුඛ ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගෘහ අලංකරණ ශිල්පීන් රැසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් Emil ඉතාලි ටයිල්, Artiz සුඛෝපභෝගී සුවතා උපාංග, Jaquar බාත්වෙයාර් සහ සුවතා උපාංග වැනි ලෝක ප්‍රකට සන්නාමයන්ගෙන් ආනයනය කරන ලද ටයිල් සහ මොසෙයික් ඇතුලු Exel හි පුළුල් නිෂ්පාදන එකතුව නිරීක්ෂණය කරනු ලැබීය.

දිගුකාලීන සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ ගොඩනැඟුණු සබඳතාවලින් ශක්තිමත් කරගත් Exel Holdings, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සඳහා කීර්තියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සුඛෝපභෝගී විලා, හෝටල්, මහා පරිමාණ වාණිජ සංවර්ධන සහ නිවාස ව්‍යාපෘති සහ දිවයිනපුරා වෙළඳ නියෝජිතයින් සඳහා විශිෂ්ට සැපයුම්කරුවෙකු බවට පත්ව ඇත.

“අපගේ සුවතා උපකරණ නිෂ්පාදන ගුණාත්මකබවින් සහ නිර්මාණාත්මක බවින් අසමසමයි” යනුවෙන් Exel Holdings හි කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති රත්වන් ද ලිවේරා මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “Jaquar සමඟ අපගේ සහයෝගීතාව මගින් සහ Alliance Finance සමඟ අපගේ උපායමාර්ගික මූල්‍ය හවුල්කාරිත්වය හරහා, අපි ජාත්‍යන්තරතලයේ සුඛෝපභෝගී, දේශීය විශ්වාසය සමඟින් අසමසම සේවාවක් පාරිභෝගිකයින්ට ලබා දෙන්නෙමු.” යනුවෙනි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව