Ex-Pack Corrugated Cartons සමාගම, දෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගනියි

1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව දෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬපැවැත්වීම උදෙසා සමාගම විසින් අනුගමනය කරන ලද නිරන්තර ප්‍රයත්නයට මෙම සහතිකය මනා සාක්ෂියකි .

ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තය තුළ ලැබිය හැකි ඉහළම සහතිකයක් ලෙස ද මෙය සැළකිය හැක. Ex-Pack සමාගම, තම සියලු මෙහෙයුම් කටයුතු හරහා වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණය දැවැන්ත ලෙස අඩු කිරීමට පියවර ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරට සාපේෂව 22.3%කින් තම කාබන් පියසටහන (carbon footprint)  අවම කරගැනීමට සමාගමට හැකිවිය.

ජාතික පිවිතුරු මධ්‍යස්ථානය (National Cleaner Production Centre) මගින් Ex-Pack සමාගමේ බලශක්ති සහ ජල පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රවාහනය සහ වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍රවලින් ලබාගත් හරිතාගාර වායු ඇගයීම්, තහවුරුකර තිබේ. ප්‍රමුඛ පෙළේ හරිත ඉදිකිරීම්, MEP සැලසුම් සහ කාබන් ශූන්‍යතා උපදේශන සමාගමක්වන co-energi සමාගම කාබන් ශූන්‍යතා සහතිකය හිමිකරගැනීම සඳහාවන තාක්ෂණික මාර්ගෝපදේශනය සැපයීය.

″විශාල වශයෙන් කාර්මික භාවිතාවන් සහිත කර්මාන්තයක නියැළී සිටින අපගේ ව්‍යාපාරය දෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගැනීමට අපට විශාල සතුටක්. පරිසරයටත්, සමාජයටත් අපගේ ව්‍යාපාරය නිසා සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් අවම කිරීම සහ වළක්වාගැනීම වෙනුවෙන් අපි දිගින් දිගටම කැපවුණු පසුබිමක මෙම සහතිකය අපට බෙහෙවින් වැදගත්. ඉදිරියටත් පාරිසරික තිරසර ඉලක්ක ශක්තිමත් කරමින්, කාබන් ශූන්‍යතා අරමුණ ජයගැනීමට අපි කටයුතු කරනවා″, යනුවෙන් Ex-Pack සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා පැවසුවේය.

Ex-Pack යනු විශේෂඥ උපදෙස් ද සමඟින්, කාබන් විමෝචනය වළක්වාගැනීමට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ හොඳම තිරසර භාවිතාවන් ළඟාකරගැනීමට වෙහෙසී ක්‍රියාකරන සමාගමකි.

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, වර්ෂ 1998දී ආරම්භ කරන ලද අතර, මේ වනවිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් රැසක් වෙත බහුවිධ සහ තිරසර ඇසුරුම් නිෂ්පාදන සැපයීමෙහි නිරතව සිටියි. ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව