Ex-Pack, තවදුරටත් ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස බුහුමනට ලක්වෙයි

2- Expack Team GPTW (LBN)

 



 

 

ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති  Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම උදෙසා ගෝලීය භාවිතාවන් භාවිතයට ගැනීම අගයමින් මෙම ශ්‍රේණිගත කිරීම හිමිකරගත්තේය.

Ex-pack සමාගම මෙම ඇගයීම දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. සමාගම අයත්වන කර්මාන්ත ක්ෂේත්‍රය හා සැසඳීමේදී සේවක සුබසාධනය සහ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙවන් බුහුමනක් හිමිවීමට තීරණාත්මක විය. වරක් සමස්ත ආසියාවේම සුළු හා මධ්‍ය පරිමාණ කාණ්ඩයේ හොඳම සේවා ස්ථානය ලෙස ද Ex-pack සමාගම නම් කෙරිණි.

Ex-pack සේවකයින්ගේ කැපවීම සහ අධිෂ්ඨානශීලිත්වයට කදිම නිදසුනක් සපයන මෙම ගෞරව සම්මාන, සමාගමේ වර්ධනයට සහ ශක්තියට ද මහත් පිටිවහලක් සපයයි. ″නායකත්වයේ ඉහළින්ම සිටින අපිට පවා බොහෝ අවස්ථාවන්හි අපේ සේවකයින් ආදර්ශ සපයනවා. එම නිසා අපි සෑම විටම එකිනෙකාගෙන් ඉගෙනීම වෙනුවෙන් මහන්සි වන ආයතනයක්. සෑම සේවකයෙක්ටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. සමාගමේ ප්‍රතිපත්ති සහ භාවිතාවන් පවා ඒ ඒ පුද්ගලයින්ගේ වර්ධනයට, සමානාත්මතාවට සහ විවිධත්වයට ගරු කරන ආකාරයට නිර්මාණය කර තිබෙනවා″, යනුවෙන් Ex-pack සභාපති සත්තර් කාසිම් මහතා ප්‍රකාශ කළේය.

සිවිල් යුද සමයේ සිට කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුද සමය දක්වා ශ්‍රී ලංකාව ගත කළ අතිශය අසීරු කාලපරිච්ඡේදවලදී පවා කැලණියේ පිහිටි Ex-pack හි නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේ සේවය කරන 300ක සේවක පිරිස ඉතාමත් කැපවීමෙන් සහ ශක්තියෙන් සේවය කළහ. සේවකයින් හට කළමනාකාරීත්වය සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට ඇති හැකියාව ද සමාගම තුළ ඇති ශක්තිමත් සේවා සංස්කෘතියට ඉවහල් වී තිබේ.

එමෙන්ම සේවකයින්ගේ පෞද්ගලික සහ වෘත්තීමය ඉලක්කවලට සහායවන අවස්ථා ලබාගැනීමට ඔවුන්ව නිරන්තරයෙන්ම දිරිමත් කරන Ex-pack සමාගම ඒ වෙනුවෙන් පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ මෙන්ම පෞද්ගලික සහ රැකියා ජීවිතය සමබර කරගැනීම, මානසික සෞඛ්‍යය සහ  යහපැවැත්ම පිළිබඳ විවිධ ඉගෙනුම් සැසි ද සංවිධානය කරයි. පිරිමි සේවකයින් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින ක්ෂේත්‍රයක වුව ද ස්ත්‍රී පුරුෂ අසමානාත්මතා සැළකීම ඇතුළු සියලුම ආකාරයේ වෙනස් කොට සැළකීම්වලට සමාගම කිසිදු අවකාශයක් ලබානොදෙයි.

Aberdeen Holdings පුද්ගලික සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, දේශීය මෙන්ම විදේශීය ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන අවශ්‍යතා ද සපුරාලයි. ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව