Everbolt Engineering ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනයි

EVERBOLT

මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. කාර්මික ස්වයංක්‍රියකරණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල විප්ලවකාරී වෙනසක් කර ඇති Everbolt සමාගම පුළුල් පරාසයක විහිදී ඇති විදුලි නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා සපයයි. විද්‍යුත් පැනල නිර්මාණය සහ සවි කිරීම, සොෆ්ට් ස්ටාටර්, VFD පැනල, ඉන්ඩස්ට්‍රියල් වයරින්, ලයිටින් ඇරෙස්ටර්, අර්තින් සිස්ටම්, කැපෑසිටර් බෑන්ක්, Vision Based Solutions, Web Based Solutions, Online Data Monitoring and System Controlling ඒ අතර වේ.
 



 

එම සමාගම සිය සහෝදර සමාගම වන Everbolt Engineering Services පෞද්ගලික සමාගම දියත් කරමින් 2018දී සේවා ක්ෂේත්‍රයට පිවිසියේය. පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් 2022දී CDI Electricals පෞද්ගලික සමාගම දියත් කළ අතර එම වසරේදීම ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනා ගත්තේ සිය විශ්වාසනීය බව වඩාත් තහවුරු කරමිනි. නවීන තාක්ෂණ දැනුමෙන් සපිරි කණ්ඩායමකින් සමන්විත Everbolt Engineering සමාගම කාර්මික විදුලිය බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් උසුලයි. Everbolt Food Product Pvt Ltd නමින් කාබනික ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයටද පිවිසී ඇති එම සමාගම ශාකසාර තේ, රස කැවිලි, යන්ත්‍ර රහිතව නිෂ්පාදනය කළ තේ, විජලනය කළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවා විශ්වාසනීයව නියමිත වේලාවට පාරිභෝගිකයන්ට සැපැයීම කෙරෙහි එම සමාගම ප්‍රමුඛ අවධානය යොමු කරයි. “අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ ප්‍රධාන සාධක වන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ වඩාත් හොඳ නිෂ්පාදන හා සේවා සැපැයීමයි. මෙම සම්මානය තුළින් අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය යළි තහවුරු වෙනවා.”
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව