ESOFT මෙට්‍රෝ කැම්පස් උපාධි ප්‍රදානෝත්සවය 2021

Webp.net-resizeimage

 



 

 

ESOFT Metro Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2021 නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු අතර එහිදී සිසුන් 1,800කට අධික ප්‍රමාණයකට සුදුසුකම් පිරිනැමීම සිදුවිය.

උපාධි ප්‍රදානය  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට  අනුකූල වන පරිදි දින දෙකක් පුරා  සැසි 9 කට බෙදා පවත්වන ලද අතර උපාධි ප්‍රදානයට අමතරව එකී වසරවල ඉහලම ලකුණු ලබාගත් විද්‍යාර්ථීන් හට රන් පදක්කම් ප්‍රදානය කිරීම සහ ඉහළම දක්ෂතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙන ලදී.

මෙහිදී සාර්ථක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ Pearson BTEC උසස් ජාතික ඩිප්ලෝමා, Pearson Level 7 සුදුසුකම්, ලන්ඩන් මෙට්‍රොපොලිටන්  විශ්ව විද්‍යාලානුබද්ධ එක්සත් රාජධානි (UK) මුලික උපාධි සහ ව්‍යාපාර පරිපාලනවේදී උපාධි,කිංග්ස්ටන් විශ්ව විද්‍යාලානුබද්ධ එක්සත් රාජධානි (UK) උපාධි සහ Msc ලබා ගත්හ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන් අනුකූල වන පරිදි දින දෙකක් පුරා සැසිවාර 9 කින් පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී,උපාධි ප්‍රදානයට අමතරව එකී වසර වල ඉහලම ලකුණු ලබාගත් විද්‍යාර්ථීන් හට රන් පදක්කම් පිරිනැමීම හා ඉහළම දක්ෂතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

LOLC ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී කොන්රාඩ් ඩයස් මහතා, ආසියාටා ඩිජිටල් ලැබ්ස් හි ප්‍රධාන විධායක නිලධාරී තුෂෙර කවුඩවත්ත මහතා, ESOFT සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති,  සම්පත් වාහල මහතා, මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සහ මුවර් ස්ටීවන්ස් අයියර් හි  කළමනාකාර අධ්‍යක්ෂ සහ සම කළමනාකාර හවුල්කරු, ටිෂාන් සුබසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ MPhil, PhD වැඩසටහන් සම්බන්ධීකාරක හා මුල්‍ය සහ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,  මහාචාර්ය ඒ.ඒ.සී අබේසිංහ මහතා, ඇතුළු කීර්තිමත් විද්වතුන් සහ එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පිරිසක් විසින් මෙහි ප්‍රධාන දේශන පවත්වන ලදී.

ESOFT Metro Campus හා සම්බන්ධව ක්‍රියාකරන විදේශීය විශ්වවිද්‍යාලයන්හි නියෝජිතයන් මෙම උපාධි ප්‍රදානයට මාර්ගගත ක්‍රමයට (online) සහභාගීවූ අතර වීඩියෝ තාක්ෂනය මාර්ගයෙන් උපාධිධාරීන් වෙනුවෙන් සිය දේශන හා සුභපැතුම් ඉදිරිපත් කරන ලදී.

මෙම තරුණ සාර්ථක උපාධිධාරීන් හට වෘත්තීය අවස්ථාවන් ලබා දීම  සඳහා Virtusa careers කණ්ඩායම මෙම දෙදින පුරාම   උපාධි ප්‍රදානයට සහභාගී වීමද සුවිශේෂී කරුණකි.

නව ආර්ථික ප්‍රවණතා හමුවේ එළඹෙන අභියෝග ජයගනිමින් සහ එමගින් සැපයෙන අවස්ථාවන් සාර්ථක ලෙස  ප්‍රයෝජනයට ගනිමින්, වැඩ කිරීමට සූදානම් දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම ESOFT හි ප්‍රධානතම අපේක්ෂාවයි.

වසර 21ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ESOFT Metro Campus ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන අතර දිවයින පුරා 40කට අධික ශාඛා  ජාලය  හරහා විවිධ වූ පාඨමාලාවන් පිරිනැමීම සිදුකරයි.

සෑම වසරකම පාසල් අධ්‍යාපනයේ නිරත හා අවසන් කළ අයගේ සිට පශ්චාත් උපාධි පාඨමාලා හදාරන්නන් දක්වා වන 40,000කට අධික විද්‍යාර්ථීන් පිරිසක් ඉලක්ක කරගනිමින් වැඩසටහන් සහ පාඨමාලා ESOFT මගින් පිරිනැමේ.

MSc වැඩසටහන් මාලාවක් සහ තොරතුරු තාක්ෂණ, විද්‍යා සහ ඉංජිනේරු පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා වන ජාත්‍යන්තර ආචාර්ය උපාධි වැඩසටහනක්ද කිංග්ස්ටන් විශ්වවිද්‍යාලය හරහා ESOFT ආයතනය හඳුන්වා දී ඇත.

ESOFT සමූහයේ අධ්‍යයන විශිෂ්ටත්වය හා ව්‍යාපාරික කාර්ය සාධනය අගයමින් Pearson (UK), BCS (UK), NBQSA, ජාතික වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනය බඳු ආයතන දේශීය සහ ජාත්‍යන්තර සම්මාන ESOFT වෙත ප්‍රදානය කර ඇත. මේ සියල්ලමත් අතරින් ඉහළතම  ජයග්‍රහණයක්  වූයේ 2019 වසරේදී  ESOFT ආයතනය රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව