Emerging Brand of the Year 2023 2023 සම්මානයෙන් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

Sanasa

 



 

 

ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Emerging Brand of the Year 2023 සම්මානය සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රමුඛ රක්ෂණ සේවා සම්පාදකයෙකු ලෙස කටයුතු කරන අතර දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වෙමින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ තම අඛණ්ඩ වර්ධනය යළි යළිත් සනාථ කරමින් සිටී.

“ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ලැබූ මේ සුවිශේෂ ජයග්‍රහණය පිළිබදව අපි දැඩි සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ රක්ෂණ පාරිභෝගිකයන් වෙනුවෙන් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් දක්වන දායකත්වය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සම්මානයට පාත්‍ර වීම සුවිශේෂ කාරණයක්. එය සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්හි විශිෂ්ටත්වය තහවුරු කරන තවත් එක් අවස්ථාවක්.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය.

“පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින්, පාරිභෝගික අවශ්‍යතා මනාව වටහා ගනිමින් රක්ෂණ සේවා සැළසුම් කිරීම සහ හදුන්වා දීම අප ලැබූ මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක්  වුණා. එසේම ඉහළ මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීමට අපට අවස්ථාව සළසමින් අප කෙරෙහි අඛණ්ඩ විශ්වාසය තබමින් අප සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිය පළ කළ යුතුයි. එසේම සණස ඉහළ කළමනාකාරිත්වයේ සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මේ සෑම ජයග්‍රහණයකටම ප්‍රමුඛ හේතුවක් බව සඳහන් කළ යුතුයි.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව