Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගම නිෂ්පාදන ධාරිතාව පුළුල් කරයි

A

මෙරට සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගම සිය සෙරමික් කර්මාන්ත ශාලාවේ මාසික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට මෙතෙක් වර්ග අඩි 100,000ක නිෂ්පාදන බිම් ප්‍රමාණයකට හිමිකම් කී කර්මාන්ත ශාලාව වර්ග අඩි 145,000 දක්වා 45%කින් පුළුල් කර ඇත. ඒ අනුව මාසිකව නිෂ්පාදනය කරන නාන කාමර කට්ටල 3,500 කට්ටල 5,000 දක්වා වැඩි කර මෙරට සනීපාරක්ෂක නිපැයුම් කර්මාන්ත ශාලා අතර මාසික නිෂ්පාදන ධාරිතාව අතරින් පළමු ස්ථානයට පැමිණ ඇත. Embilipitiya Stores Tool & Ceramic Manufacturing සමාගමේ Eagle සන්නාමය මෙරට වෙළඳපොළේ වඩාත් විශ්වාසනීය සනීපාරක්ෂක නිපැයුම් සන්නාමයක් බවට පත් වී ඇත. උසස් ප්‍රමිතියේ අමුද්‍රව්‍යවලින් නිපදවන නාන කාමර කට්ටල වසර 25ක වගකීමක් සහිත දේශීය නිෂ්පාදනයක් වීම හා දැරිය හැකි මිල මේ සඳහා හේතු වී ඇත. සෙරමික් නිෂ්පාදනවලට අමතරව එම සමාගම උසස් තත්ත්වයේ ස්කීම් කෝට්, ටයිල් මෝටාර්, කම්බි ඇණ, කටු කම්බි, සිරප් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිපදවමින් පාරිභෝගික අවශ්‍යතාව මත දිවයින පුරා බෙදා හරියි.




1960 දශකයේදී සීමන් පෙරේරා මහතා ඇඹිලිපිටිය කේන්ද්‍ර කර ගෙන ඇරැඹූ Embilipitiya Stores පසු ගිය දශක හය පුරා මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සැපැයුම්කරුවෙකු ලෙස ඉදිරියට එමින් වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ Embilipitiya Stores Tool & Ceramic Manufacturing Pvt Ltd නමින් ක්‍රියාත්මක වෙමින් සමූහ ව්‍යාපාරයක් වී ඇත. වර්තමානයේදී ඔවුන් කෘෂිකර්ම, නිවාඩු නිකේතන වැනි ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර පුළුල් කර තිබේ. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ රැසක කර්මාන්ත ශාලා ඇති කර රැකියා රැසක් නිර්මාණය කර ඇති ඊගල් සමූහ ව්‍යාපාරය මෙරට ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයමින් නුදුරු අනාගතයේදී දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළද ජයග්‍රහණය කිරීමට තම ව්‍යාපාරික ක්‍රමෝපාය පුළුල් කරමින් සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව