Elephant House මෙරට තරුණ තරුණියන් ආහාරපාන ක්ෂේත්‍රයේ රැකියාවලට යොමුකරවීමේ අරමුණින් ‘Elephant House SuperHeroes’ දියත් කරයි

Elephant House

කෘෂිකර්මාන්තය, සූපවේදය සහ ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් නව ආරක Reality TV වැඩසටහනක්

2024 ඔක්තෝබර් 04, කොළඹ: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් Elephant House සහ Keells Food Products යන සමාගම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘මගහැරුණු පාඩම්’ දැක්ම සමග අත්වැල් බැඳගනිමින් ‘Elephant House SuperHeroes’ නමින් සුවිශේෂී Reality TV වැඩසටහනක් ආරම්හ කර තිබේ. ආහාරපාන ක්ෂේත්‍රයේ රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා ගවේෂණය කිරීම සඳහා තරුණ පරපුර යොමුකරවීම මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත. මේ යටතේ විශේෂයෙන්ම ආහාරපාන ක්ෂේත්‍රයේ රැකියාවන් තෝරාගැනීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා තරුණ පරපුර යොමුකෙරෙනු ඇති අතර, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම හා මගපෙන්වීමද ලබාදෙනු ඇත. මෙය ආහාරපාන ක්ෂේත්‍රයේ මෙන්ම සමස්තයක් ලෙස මුළුමහත් රටේම දියුණුවට හේතු වන වැඩසටහනක් බවට පත් වනු නිසැක ය.
 



 

වයස අවුරුදු 15 ත් 22 ත් අතර තරුණ තරුණියන්ට ‘Elephant House SuperHeroes’ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. එහිදී ඔවුන්ට කෘෂිකර්මාන්තය හා සූපවේදය වැනි ක්ෂේත්‍ර තුළ රැකියා අවස්ථා සහ ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්ව අවස්ථා ගවේෂණය කිරීම හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙම තරගය හරහා, ජාතික මට්ටමින් පවතින ගැටලු කිහිපයක් ආමන්ත්‍රණය කිරීමටද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සූපවේදය සහ සත්කාරක සේවා ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර තුළ කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම මෙන්ම මෙම ක්ෂේත්‍ර තුළ පවතින පුහුණු වෘත්තික හිඟය ආදිය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ අනුව බලන විට ‘Elephant House SuperHeroes’ යනු තරුණ තරුණියන්ට රැකියා සම්බන්ධ සාම්ප්‍රදායික ආකල්පවලින් බැහැර වෙමින් ආහාරපාන ක්ෂේත්‍රය තුළ ඵලදායී රැකියා අවස්ථා හඳුනා ගන්නා අතරම තම ජීවිතයට මෙන්ම රටේ සංවර්ධනයට වැදගත් වන කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

“රටේ තරුණ පරපුරේ හැකියාවන් සම්බන්ධයෙන් Elephant House කවදත් විශ්වාසය තබා තිබෙනවා. මෙම වැඩසටහන තුළින් අප උත්සාහ කරන්නේ, සාම්ප්‍රදායික රැකියාවලින් ඔබ්බට සිතීමට ඔවුන් යොමුකරවීමටයි. විශේෂයෙන්ම කෘෂිකර්මය, සූපවේදය සහ ව්‍යවසායකත්වය යනාදිය පිළිබඳව අවධානය යොමුකරවීම තුළින් ඔවුන්ට නව රැකියා අවස්ථා හිමි වන අතරම, ස්වයංපෝෂණය සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමටත් අපට හැකියාව ලැබෙනවා. මෙය රටේ සහ ප්‍රජාවන්ගේ අනාගතයට අතිශයින් වැදගත්.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා පැවසී ය.

‘Elephant House SuperHeroes’ තරගය ‘Super Harvester’, ‘Super Chef’ සහ ‘Super Entrepreneur’ යන කාණ්ඩ තුන යටතේ පැවැත්වේ. තරගකරුවන්ට තම නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්නා අතරම වෘත්තීය වශයෙන් අතිශයින් වැදගත් වන කරුණු රාශියක් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන ආකාරයට තරගය සැලසුම් කර තිබේ. පෞද්ගලික, පාසල් සහ ප්‍රජා කේන්ද්‍රීය ලෙස තරගයට සහභාගී විය හැකි අතර, එමගින් තරගකරුවන්ට තම පාසල හෝ පදිංචි ප්‍රදේශය නියෝජනය කරමින් ජාතික මට්ටමින් ඇගයීමට ලක්වීමට අවස්ථාව හිමි වනු ඇත. මෙහිදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබාගැනීමටද තරගකරුවන්ට අවස්ථාව ලැබෙන අතර, එය ඔවුන්ගේ අනාගත වෘත්තීය දියුණුවට අතිශයින් වැදගත් වනු නොඅනුමාන ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව