‘EDOTCO ශ්‍රී ලංකා’ සමාගම් කළමණාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරළගේ විශිෂ්ටතම ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නායකයින් 100 දෙනා අතරට පිළිගැනේ

3S2A0272

‘EDOTCO ශ්‍රී ලංකා’  සමාගමෙහි දේශීය කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ, ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් මෙහෙය වීමේ  ප්‍රබලතම බලපෑමක් ඇති කළ හැකි   නායකයින් 100 දෙනා අතරට ලන්ඩනයේ  පිහිටි ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ කර්මාන්තය පිළිබඳ විවෘත සංසද  වේදිකාවක් වන Capacity Media විසින්  නම් කර ඇත.

 




 

මෙම පිළිගැනීම , ගයාන්ගේ  සුවිශේෂ වූ නායකත්වය සහ ඩිජිටල් යටිතල  වපසරියේ  අනාගතය හැඩගැස්වීමේ ප්‍රවීණතාවය ඉස්මතුකර දක්වයි.

ගයාන් කෝරලගේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ගෙන එයි. මීට වසර විසි දෙකකට  ඉහතදී Dialog Telecom සමඟින් ඔහුගේ  විචිත්‍රවත් වෘත්තිය ආරම්භ වූයේ මැලේසියාවේ ජාතික විදුලි සංදේශ වාහකය වන Telekom Malaysia සමග සම්බන්ධ වීමට පෙර අතුවය .

එහිදී ඔහු ආසියාව සහ මැදපෙරදිග පුරා ව්‍යාපාර සංවර්ධන මූලාරම්භයන් සහ සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ආවරණය කරමින්  සැලසුම් සහගත උපාය ශිල්පී  ක්‍රමවේද  වලට   අනුගත විය.

2007 දී Axiata Group Berhad හා සම්බන්ධ වූ ඔහු එහිදී සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍යකරණය, සහ විවිධ සන්නිවේදන තාක්ෂණයන්ගෙන් සමන්විත ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘති,  ආවරණය කිරීමට තරම් ඔහුගේ අත්දැකීම් වර්ධනය විය.

Axiata හි ජංගම ජාල  මෙහෙයවන්නන්ගෙන් ක්‍රමෝපායශීලී යටිතල පහසුකම් මුලපිරීමක් ලබා දෙමින් 2012 දී, ගයාන් කෝරලගේ EDOTCO සමූහයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් විය.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කාම්බෝජය, පකිස්ථානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි  පිබිදෙමින් තිබෙන වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා ආදර්ශයක් සපයමින් EDOTCO සමූහය මැලේසියාවේ විශාලතම ස්වාධීන කුළුණු යටිතල පහසුකම් සමාගම බවට පත් විය.

අද, EDOTCO සමූහය  එය සතු විදුලි සංදේශ කුළුණු 54,000කට වැඩි ප්‍රමාණයක් වෙළඳපල නවයක් හරහා   පරිපාලනය කරයි.

මෙරටේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ දේශීය භූමිකාවට අමතරව, වර්තමානයේ EDOTCO සමූහයේ  සමූහ ක්‍රමෝපාය අධ්‍යක්ෂ සහ මැලේසියාවේ ව්‍යාපාර අධ්‍යක්ෂ ලෙස ගයාන් කෝරලගේ ප්‍රධාන තනතුරු දෙකක්    හොබවයි.

ඔහුගේ උපායමාර්ගික ඉදිරි දැක්ම සහ නායකත්වය, 5G, ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් පරිවර්තනය වැනි  විවිධ තේමාවන් කෙරෙහි බලපෑම් ඇති කරමින් EDOTCO සමූහයේ වර්ධන ගමන් මාර්ගය මෙහෙයවීමට හේතු පාදක වී ඇත.

ශ්‍රී ලංකාව ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනයේ නව රැල්ලකට පා තබන අවස්ථාවේ, මෙම පිළිගැනීම රටේ ව්‍යාපාරික නායකත්වයේ  හැකියාව මත දීප්තිමත් ආලෝක    ධාරාවක් පතිත කරයි.

විශේෂයෙන්, යටිතල පහසුකම් සපයන්නන්හට බලපත්‍ර ලබා දීමට පහසුකම් සැලසීම සඳහා සිය විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට රට සූදානම් වන අවස්ථාවේ, එය  ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ  වර්ධනය වීමට ඇති අවකාශයද ඉස්මතු කර දක්වයි .

මෙම ඇගයීම  පිළිබඳව අදහස් දක්වමින් ගයාන් කෝරලගේ ප්‍රකාශ කළේ, “විශිෂ්ටතම ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නායකයින් 100 දෙනා අතර ගෞරවයට පාත්‍ර වීම හුදෙක් පුද්ගලික ජයග්‍රහණයක් නොව අප කණ්ඩායමේ සාමූහික උත්සාහයන් සහ ශ්‍රී ලංකාව තුළ අප ඇති කරමින් තිබෙන දියුණුව පිළිබඳ සාක්ෂියකි.

තවදුරටත් මෙය විදුලි සංදේශ  ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව සහ පරිවර්තනය වෙනුවෙන් අපගේ උත්සාහය සහ කැපවීම පිළිබිඹු කරන අතර, වඩාත් සම්බන්ධීකරණය වූ සහ ඩිජිටල් කරණය වූ   ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම මට මහත් ආඩම්බරයකි.”

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව