Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි

EARTHFORM (LBN)

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පාසල් ළමුන් 1,900කට අධික පිරිසකට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.

 



 

2022දී ඇරඹූ Earthfoam සමාගම 100%ක් ස්වාභාවික සහ කාබනික රබර් භාවිත කර සකසන නිෂ්පාදන යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එම සමාගම ඔවුන්ටම ආවේණික ක්‍රම සහ සුවිශේෂ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිය නිෂ්පාදනවල කල් පැවැත්ම, සුවපහසුව සහ ආරක්‍ෂිත බව සහතික කරයි. 1,500කට වැඩි දේශීය ගොවීන්ගේ කාබනික රබර් වගාවලින් සපයා ගන්නා ස්වාභාවික රබර් පමණක් භාවිතා කිරීම හරහා තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන්ට හැකි වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ‘Fair for Life’ සහතිකය දිනා ගත් පළමු මෙට්ට නිෂ්පාදකයා වන Earthfoam සමාගම රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරයි. එම සමාගමට අයත් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇති Earthfoam සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල වෙනත් සංඝටක සමඟ මිශ්‍ර කළ රබර් අඩංගු නොවන බව තහවුරු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව