E.B. Creasy Solar, LONGi සූර්ය පැනල සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් සමාගම බවට පත්වෙයි

Image 01 (LBN)

E. B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ බලයලත් බෙදාහැරීම් නියෝජිත ලෙස පත්කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බලපාන වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ නව මාදිලියෙන් යුතු LONGi සූර්ය පැනල එකතුව එළිදැක්වීම 2024 නොවැම්බර් 29 දින කොළඹ Marino Beach හිදී සිදුකෙරිණි.

 



 

මින් ඉදිරියට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට E.B. Creasy Solar වෙතින් LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ සූර්ය පැනල මිලදී ගැනීමට හැකි වනු ඇත. LONGi සූර්ය පැනල ඒවායෙහි විශිෂ්ට ක්‍රියාකාරීත්වය, විශ්වාසනීයත්වය හා නව්‍ය විශේෂාංග සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. එමෙන්ම LONGi සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන බලශක්ති ඒකක ප්‍රමාණය ඉහළ අගයක් ගනී.

මෙම හවුල්කාරීත්වය, දීර්ඝකාලීන සහයෝගීත්වයන් ඔස්සේ ඉහළම ප්‍රමිතියෙන් යුත් නවීන තාක්ෂණයන් මෙරටට හඳුන්වා දීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම, තිරසරත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමට අත්වැලක් වීම යනාදිය සඳහා E.B. Creasy Solar දරන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව