E. B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, Thornova සූර්ය විදුලි පැනල සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහැරීම් සමාගම බවට පත්වෙයි. මෙය ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති විසඳුම් ක්ෂේත්රයේ දියුණුවට බලපාන වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.
ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති සංවර්ධනය වෙනුවෙන් E.B. Creasy Solar දීර්ඝ කාලයක පටන් කැප වී සිටී. මෙම නව එකඟතාවත් සමග නවීනතම සූර්ය බලශක්ති නිෂ්පාදනයක් වන Thornova සූර්ය විදුලි පැනල මෙරටට හඳුන්වා දීමට E.B. Creasy Solar කටයුතු කරනු ඇත. මෙමගින් මෙරට පාරිභෝගිකයන්ට ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් විශ්වාසනීය සූර්ය බලශක්ති නිෂ්පාදනයන් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සූර්ය බලශක්ති විසඳුම් සම්පාදකයෙකු ලෙස E.B. Creasy Solar දිනාගෙන සිටින කීර්ති නාමය මෙමගින් තවදුරටත් තහවුරු වනු ඇත.
“Thornova සූර්ය විදුලි පැනල සමග අත්වැල් බැඳගනිමින් ඔවුන්ගේ නව්‍ය සූර්ය බලශක්ති නිෂ්පාදන මෙරටට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. ඔවුන්ගේ එකම බලයලත් බෙදාහරින්නා බවට පත්වීම මගින් අපට උසස් සූර්ය බලශක්ති තාක්ෂණයන් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දීමට හැකි වනවා. මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට ඉහළම ගුණාත්මක, විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය බලශක්ති විසඳුම් ලබාදීම සඳහා වන අපගේ කැපවීම සමග සමපාත වන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමට සහය වීම සහ වඩාත් තිරසර හෙට දිනයක් නිර්මාණය කිරීමට දායක වීම සඳහා සමාගම් දෙකම කැප වී සිටිනවා.” E.B. Creasy Solar හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසුරු ලේකම්ගේ මහතා පැවසී ය.
Thornova සූර්ය විදුලි පැනල යනු Tier-1 වර්ගීකරණය සහිත සූර්ය බලශක්ති නිෂ්පාදන සන්නාමයකි. ඇමරිකානු එක්සත් ජනපදය තුළ විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Thornova සූර්ය විදුලි පැනල, උසස් ප්‍රමිතිය, ක්‍රියාකාරීත්වය සහ තිරසරත්වය සම්බන්ධයෙන් ලොව පුරා ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන සිටී. E.B. Creasy Solar සමග එක් වී ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ තම ආවරණ පරාසය පුළුල් කරගනිමින්, මෙරට පාරිභෝගිකයන්ට කාබන් විමෝචනය අවම කරන සහ පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කරන උසස් සූර්ය බලශක්ති තාක්ෂණයන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම Thornova සූර්ය විදුලි පැනල හඳුන්වා දීමෙහි අරමුණ වී තිබේ.
මෙම හවුල්කාරීත්වය මගින් මෙරට පාරිභෝගිකයන්ට වාසි රැසක් සැලසෙනු ඇත. උසස් සූර්ය බලශක්ති තාක්ෂණයන් වඩාත් පහසුවෙන් හා තරගකාරී මිලගණන් යටතේ මිලදීගත හැකි වීම සහ වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් හිමි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය වෙත යාම සඳහා සහය වීම සහ වඩාත් තිරසර හෙට දිනයක් නිර්මාණය කිරීමට දායක වීම සඳහා එක්ව කටයුතු කිරීම සමාගම් දෙකෙහිම අරමුණ වී තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් පාරිභෝගිකයන්ට කාබන් විමෝචනය අවම කිරීමට සහ පරිසර හිතකාමීත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වන විශ්වාසනීය හා කාර්යක්ෂම සූර්ය බලශක්ති විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.