E.B. Creasy Solar තිරසර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් හඳුන්වා දෙයි

Image 02 (LBN)

E.B. Creasy & Co., PLC සමාගමේ සූර්ය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SUNGROW සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට 2024 සැප්තැම්බර් 10 දින අත්සන් තැබී ය. ඒ අනුව මින් ඉදිරියට මෙරට තුළ SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් සඳහා නිල විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා සහකරු ලෙස E.B. Creasy Solar කටයුතු කරනු ඇත. මෙමගින් මෙරට පාරිභෝගිකයන්ට තිරසර අනාගතයක් වෙනුවෙන් නවීනතම සූර්ය බලශක්ති විසඳුම් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.
 



 

නවීනතම තාක්ෂණයන් භාවිතයෙන්, සූර්ය බලශක්ති පද්ධතිවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වන ආකාරයට සහ පහසුවෙන් භාවිතා කළ හැකි වන ආකාරයට SUNGROW ඉන්වර්ටර් නිෂ්පාදනය කර ඇත. මෙය බලශක්ති ජනන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කරන අතරම පාරිභෝගිකයන්ට විශාල මුදලක් ඉතිරි කර දෙන විසඳුමකි. SUNGROW ඉන්වර්ටර් සඳහා භාවිතා කර ඇති උසස් තාක්ෂණයන් නිසා මෙම ඉන්වර්ටර් මහා පරිමාණයේ වාණිජ ගොඩනැගිලි ඇතුළුව විවිධාකාර ස්ථානවල භාවිතා කළ හැක. අයහපත් කාලගුණ තත්ත්වයන්ට වුවද හොඳින් මුහුණ දෙමින් දීර්ඝ කාලයක් පවතින ආකාරයට SUNGROW ඉන්වර්ටර් සහ එහි නිරීක්ෂණ පද්ධති සැලසුම් කර තිබේ. විශ්වාසනීය, කල් පවතින සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් සහිත SUNGROW ඉන්වර්ටර් ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු නො-අනුමාන ය.

මෙම අවස්ථාවට E.B. Creasy Solar වෙනුවෙන් එහි සභාපති එස්. ඩී. ආර්. අරුද්ප්‍රගාසම්, කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් රාජරත්නම්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසුරු ලේකම්ගේ හා අලෙවි කළමනාකරු එක්සත් ද අල්විස්, යන මහත්වරුන්ද, SUNGROW Power Supply Co. Ltd. වෙනුවෙන් එහි අධ්‍යක්ෂ හවර්ඩ් ෆූ ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල, මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු විශේෂඥ මහාචාර්ය අසංක රුද්‍රිගු සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. තවද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී සිටින සූර්ය බලශක්ති පද්ධති සේවා සම්පාදකයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම එහි වැදගත්කම සංකේතවත් කළ සාධකයක් විය.

“SUNGROW සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලාංකිකයන්ට නවීනතම පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක්. ඉහළම ප්‍රමිතියෙන් යුත් SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් මෙරටට හඳුන්වා දීමට හැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා, මෙය තිරසාර බලශක්ති වැඩසටහන් සම්බන්ධයෙන් අපට නව අවස්ථා රාශියක් උදාකර දෙන හවුල්කාරීත්වයක් වේවි. තාක්ෂණික නවෝත්පාදනය සහ තිරසරත්වය සම්බන්ධ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වශයෙන් අප මෙම හවුල්කාරීත්වය සලකන්නේ ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා තබන ලද අතිශය සුභවාදී පියවරක් ලෙසයි. මේ ඔස්සේ අපට පරිසර හිතකාමී බලශක්තිය තුළින් පන්නරය ලබන ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට දායක වීමට හැකියාව ලැබේවි.” E.B. Creasy Solar සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසුරු ලේකම්ගේ මහතා පැවසී ය.

E.B. Creasy Solar සහ SUNGROW යනු සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත තාක්ෂණයන් සම්බන්ධයෙන් වසර ගණනාවක පළපුරුද්දක් හිමි සමාගම් දෙකකි.  පවුල් සහ ප්‍රජාවන් සඳහා මෙන්ම වාණිජ හා උපයෝගීතා සේවා මට්ටමේ ව්‍යාපෘති සඳහා තිරසර බලශක්ති විසඳුම් සැපයීම අරමුණ කරගත් මෙම සමාගම් දෙක, සැමට වඩාත් තිරසර අනාගතයක් උදාකර දීමට උපකාරී වන පරිසර හිතකාමී බලශක්ති පරිවර්තනයක් වෙනුවෙන් පෙරමුණ ගෙන සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව