DSI U softo ‘අත්වැල’වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්

DSC_3637 (LBN Fill)

 



 

 

 

DSI නිවසේ කීර්තිමත් පාවහන් සන්නාමයක් වන DSI U Softo වෙතින් ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමින් “DSI U Softo අත්වැල” ලෙස නව සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කොට ඇත.

“DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් සෙවණ විශේෂ පාසැල හා දූදරු රැකවරණ මධ්‍යස්ථානය වෙතටත් රු. 700,000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

“DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භක පරිත්‍යාගය පිළිබඳ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා “අපේ රටේ අපේම ¥ දරුවන් පිරිසකට උපකාර අවශ්‍යම අසීරු මොහොතකදී මෙවැනි පරිත්‍යාගයක් සිදුකොට ඔවුන්ට යම් සහනයක් ගෙන එන්නට හැකිවීම පිළිබඳ අප අවංකව සතුටු වෙනවා. ළමයි අපේ රටේ අනාගතයයි, රටේ අනාගතය භාර ගන්න ඉන්නා ¥ දරුවන් වෙනුවෙන් මූලිකත්වය ලබාදෙමින් දුෂ්කරතා ඇති විවිධ සමාජ ස්ථරයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අත්වැලක් වෙන්නට DSI U Softo අත්වැල සමාජ සත්කාරක වැඩසටහන ඉදිරියේදිත් සූදානම්. ” යැයි පැවසීය.

“DSI U Softo අත්වැල” සමාරම්භක අවස්ථාවට ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි අලෙවි කළමනාකාර නිරෝධ ගුණසේකර මහතාත්, සහකාර සන්නාම කළමනාකරුවන් වන චින්තන යාපා, සජානි පෙරේරා සහ ජයනිකා රණසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම කණිෂ්ඨ සන්නාම විධායක සඳුනිකා මල්ෂානි මෙනෙවියත් පුහුණුවන අලෙවි නිලධාරී දමිත් ශමින්ද මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් රැසක් දිනපතා විවිධ දුෂ්කරතා රැසකට මුහුණපාමින් සිටින මොහොතකදී අත්වැලක් අවශ්‍යම වූ පීඩිත මිනිසුන් සොයා යමින් දියත්ව ඇති  “DSI U Softo අත්වැල” සමාජ සත්කාරක ව්‍යාපෘතිය කාලීන සමාජ අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි “DSI U Softo අත්වැල” සැමවිටම ශ්‍රී ලාංකිකයන් දිරිමත් කළ ශ්‍රී ලාංකික සමාගම් සමූහයක් වන DSI ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමේ මෙහෙවරේ තවත් ඉදිරි පියවරකි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව