DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි

DSI (LBN)

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර ගැනීමේ අවස්ථාව උදා වෙයි.

 




 

dsityreshops.com වෙබ් අඩවියට ගොස් තමන්ට අවශ්‍ය ටයරය Select කිරීමෙන් පසුව වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කර කුරියර් සේවාව මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හෝ Online Pick Up From Dealer ක්‍රමවේදය තෝරා ගෙන තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය ගෙන සවි කර ගැනීමට හැකිය. අතේ මුදල් නැති වුණත් Buy Now Pay Later පහසුකම ඔස්සේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ටයර් මිල දී ගැනීමට හැකි වීමද සුවිශේෂත්වයකි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරැඹු Online Pick Up From Dealer ක්‍රමවේදයට ලැබෙන ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හේතුවෙන් එය දිවයින පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත කිරීමට DSI Tyres අපේක්ෂා කරයි. Online Pick Up From Dealer ක්‍රමවේදය අලෙවි නියෝජිතයන්ට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා හෙරිටන්ස් කණ්ඩලම හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. “ශ්‍රී ලාංකිකයන් වඩාත් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇති DSI Tyres නිරන්තරයෙන් නිෂ්පාදනවල සහ සේවාවල ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය ටයරය පිළිබඳ සියලු තොරතුරු වෙබ් අඩවිය හරහා දැන ගෙන කාලය ඉතුරු කර ගැනීමට මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට ටයරය මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට දැන් පුළුවන්.” DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව