DSI නවතම ශාඛා බිබිලේ සහ දෙහිවල නගරයන්ගේ දැන් විවෘතයි

Dehiwala-SR (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් බිබිලේ සහ දෙහිවල නගර කේන්ද්‍ර කරගනිමින් නවතම ශාඛා 2ක් විවෘත කොට ඇත. එම නගර ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් ඒවායේදී මිලදීගත හැකිය. බිබිලේ නගරයේ මහ වීදියේ ප‍්‍රදර්ශනාගාරයෙන් සහ අංක 105, ගාලූ පාර, දෙහිවල යන ලිපිනයේ විවෘත වූ ප‍්‍රදර්ශනාගාරය වෙතින්ද පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සුහද සේවා සංස්කෘතිය පිළිබඳ කීර්තිමත් DSI පාරිභෝගික සේවාව ජනතාව වෙත සමීප කෙරේ.

DSI ප‍්‍රදර්ශනාගාර 2 විවෘත කිරීමේ අවස්ථාවන්ට, ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති නන්දදාස රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් සමරතුංග සහ ජාතික විකුණුම් කළමනාකරු (සිල්ලර) නලීන් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රැසක් සහභාගී වූහ.

ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ සභාපති නන්දදාස රාජපක්ෂ මහතා “DSI ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් දිවයින පුරා ගම් නගර සිසාරා විවෘත කරන වැඩසටහන යටතේ බිබිලේ සහ දෙහිවල නගරවල නව ප‍්‍රදර්ශනාගාර 2ක් විවෘත කිරීමට අපට හැකිවීම සම්බන්ධයෙන් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. පාරිභෝගිකයන් අප පිළිබඳ තැබූ දශක ගණනාවක අඛණ්ඩ විශ්වාසය රැකගෙන පාරිභෝගික ජනතාව වෙත උසස් පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට DSI අපි කැපව සිටිනවා.” යැයි පැවසීය.

දිවයිනේ විශාලතම හා ප‍්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, DSI Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, Melissa සහ AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Arrow, W, Modare, Inc.5, Aurelia, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව