“DSI අලූත් අවුරුදු බඩු මල්ල” ප‍්‍රවර්ධන වැඩසටහනෙන් DSI පාරිභෝගිකයන්ට අවුරුදු සැමරුමට අතහිත

20220425_182550

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI සමාගම විසින් ඉහල යන ජීවන වියදම හා අර්බුදකාරී සමාජ වාතාවරණය යටතේ සිය හිතවත් පාරිභෝගිකයන් හට 2022 අලූත් අවුරුදු සැමරුමට අත්වැලක් වෙමින්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් බඩුමල්ලක් පිරිනැමීය. “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ලෙස නම් කළ එම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු මස 20 වැනිදා සිට අපේ‍්‍රල් මස 30 වනදා දක්වා දීප ව්‍යාප්ත DSI ප‍්‍රදර්ශනාගාර ජාලය කේන්ද්‍ර කරගනිමින් (DSI Premier  හා EBO අලෙවිසැල් හැර) අති සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කෙරිණ.

පසුගිය වසරේදීත් අති සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වූ  “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ප‍්‍රවර්ධන වැඩසටහනේදී පිරිනැමූ රු. 5000.00 ක වටිනාකමකින් යුතු බඩුමල්ල වෙනුවට පවතින සමාජ ආර්ථිකමය වටපිටාව සලකා බලා රු. 7500.00 ක වටිනාකමක් දක්වා ඉහළ නැංවීමට DSI කළමනාකාරීත්වය කටයුතු කොට තිබිණ. මෙවර ප‍්‍රවර්ධන කාලසීමාව ඇතුලත DSI වෙතින් රු. 5000.00 ක අවම වටිනාකමක මිලදීගැනීම් සිදු කළ බිල්පත් අංක සමග පාරිභෝගිකයාගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය SMS කිරීමෙන් හෝ QR කේතය ස්කෑන් කිරීමෙන් “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ප‍්‍රවර්ධන වැඩසටහනට පාරිභෝගිකයන් ඇතුලත් කරගැනීම සිදු කෙරිණ. දිනකට ජයග‍්‍රාහකයන් 10 බැගින් ප‍්‍රවර්ධන කාල සීමාව පුරා පාරිභෝගිකයන් 400 කට අධික පිරිසක් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ ප‍්‍රතිලාභ හිමි කරගත් අතර ජයග‍්‍රාහකයන් පිළිබඳ තොරතුරු තෝරාගත් ගුවන් විදුලි නාලිකා කිහිපයක සහ DSI ෆේස්බුක් පිටුවේ පළ කෙරිණ.

“DSI අලූත් අවුරුදු බඩු මල්ල” ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ මහතා, “වාර්ෂිකව අපි ක‍්‍රියාත්මක කරනු ලබන DSI අලූත් අවුරුදු බඩු මල්ල ප‍්‍රවර්ධන වැඩසටහන මේ වසරේදී අපගේ පාරිභෝගිකයන්ට බොහෝ සේ ප‍්‍රයෝජනවත් වු අතර වෙනදාටත් වඩා භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයෝ වරක් දෙවරක් නොව තෙවරක් සිතා බලන්නට මේ අර්බුදකාරී සමාජ වාතවරණය යටතේ හුරුව තිබෙන කාලයක වුවත් DSI සමග රැුඳී සිටින පාරිභෝගිකයන්ට කෘතවේදී වන්නට මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන හොඳ අවස්ථාවක් වූවා. ” යැයි පැවසීය.

ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිනිි සමාධි අබේසිංහ මහත්මිය “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ යහපත් ප‍්‍රතිචාර රැසක් ලැබූ බව පැවසුවාය. එලෙස ලැබුණ ධනාත්මක ප‍්‍රතිචාර සමග ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නට බලාපොරොත්තු වන්නේ යැයි ඇය වැඩිදුරටත් අදහස් දැක්වීය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව