DPL සමාගම සිය Firstlight වැඩසටහන යටතේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දෙයි

DPL2

DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight  යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇත.

අඛණ්ඩව නව වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන මඟින් මොණරාගල දිස්ත‍්‍රික්කය පුරා සිටින DPL සමාගම අනුබද්ධ රබර් කිරි ගොවි සමිති හතරක කිරි ගොවීන් අතර පොහොර කිලෝ ග‍්‍රෑම් 90,000ක් බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන සම්බන්ධව අප සමඟ අදහස් දැක් වූ DPL සමාගමේ නියෝජ්‍ය කළමානාකාර අධ්‍යක්ෂක, පුෂ්පික ජනාධීර මහතා ‘‘වසර 12කට වැඩි කාලයක් පුරාවට මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් නගා සිටුවීම සඳහා DPL Firstlight වැඩසටහන කටයුතු කර තිබෙනවා. ආරම්භයේ සිටම, ක්ෂේත‍්‍ර රබර් කිරි සඳහා සාධාරණ මිලක් සහතික කරන අතරම ජාතික රබර් නිෂ්පාදනයට වටිනාකම් එකතු කිරීමට හා ඔවුන් ලබා දුන් නොමසුරු දායකත්වය සඳහා අප සහයෝගය ලබා දුන්නා. මීට අමතරව, අත්‍යාවශ්‍ය කෘෂිකාර්මික සහාය හා උපකරණ සැපයීම තුළින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා අප ඔවුන්ගේ හැකියාව වඩාත් ඵලදායී ලෙස සකස් කර තිබෙනවා.

‘‘මේ ආකාරයට, ශ්‍රී ලංකා ආර්ථිකයේ ග‍්‍රාමීය ජනතාව සාර්ථකව නගා සිටු වීමට අපට හැකි වූ අතර මෙවැනි වැඩසටහන් හරහා රටේ වඩාත් අත්‍යවශ්‍යම අපනයන බෝගයක් සංවර්ධනය කිරීම තුළින් ජාතික තලයේ වටිනාකමක් ජනිත කිරීමට ද හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවක, සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ යහපත සඳහා මෙවැනි ව්‍යාපාරයන් ප‍්‍රධාන සාධකය වනු ඇති බව අප විශ්වාස කරනවා. ඉදිරියේදී, අප DPL Firstlight වැඩසටහන කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රබර් කිරි ගොවි සමිති ජාල සඳහා ද ව්‍යාප්ත කිරීමට අදහස් කරනවා,’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ වාර්ෂික රබර් නිෂ්පාදනය සඳහා කුඩා රබර් වතු හිමියන් 65%ක දායකත්වයක් සපයන අතර එය සමස්තයක් ලෙස මෙරටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%කි.

අද වන විට, රටේ රබර් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා වාර්ෂිකව ස්වභාවික රබර් මෙටි‍්‍රක් ටොන් 135,000ක් පමණ අවශ්‍ය වේ. කෙසේවෙතත්, මෙතරම් ප‍්‍රමාණයක ස්වභාවික රබර් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම නිසා වාර්ෂිකව ස්වභාවික රබර් මෙටි‍්‍රක් ටොන් 60,000ක් පමණ ආනයනය කිරීමට සිදුව ඇත.

එනිසා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, DPL සමාගම ක‍්‍රියාත්මක කරන මෙවැනි නිෂ්පාදන මෙහෙයුම් තුළින් පහළ මට්ටමේ රැකියාවන් සහ ජීවනෝපායන් නගා සිටු වීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරන අතරම දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීමේ හැකියාව ද ඇත.

ඒ හා සමානවම, සංවේදී පරිසර පද්ධතිවල සමතුලිතතාවය පවත්වා ගැනීමේදී රබර් ඉඩම්වල තිරසාරභාවය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

එබැවින්, DPL සමාගම කුඩා රබර් වතු හිමියන්ට ලබා දෙන සෘජු සහයෝගයට අමතරව, රබර් වගාකරුවන් සඳහා රබර් වගාව පිළිබඳ දැනුවත් කිරීම හා ඔවුන්ගේ ප‍්‍රජාවන් ගොඩ නැංවීම පිළිබඳව ද සමාගමේ Firstlight වැඩසටහන දැඩි අවධානයක් යොමු කර ඇත. ග‍්‍රාමීය සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම කිරීම හා වැඩි දියුණු කිරීම, අධ්‍යාපනය හා විනෝදාත්මක පහසුකම් ඇතුළු කුඩා රබර් වතු හිමියන්ට බලපාන ගැටළු කෙරෙහි අවධානය යොමු කළ අමතර වැඩසටහන් හරහා මෙම කාර්යය සිදු කර ගන්නා ලදී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව