Diva සන්නාමය​ Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

Diva Fresh Nil Manel Mal Dansela (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා කිරීම සඳහා බැතිමතුන් හට මින් අවස්ථාව සලසන ලදී.
 



 

ශ්‍රී ලාංකිකයන් සහ බෞද්ධයන් අතර නිල්  මානෙල් මල විශේෂ වැදගත්කමක්  උසුලයි. එය සතු  අලංකාරත්වය, සුගන්ධය පමණක් නොව අධ්‍යාත්මික වශයෙන් ඇති වටිනාකම නිසා ද  අගයනු ලබයි. පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස දිවයින පුරා විහාරස්ථානවලට මෙම නිල් මානෙල් මල් බොහෝ විට පූජා කරනු ලබයි.  බෞද්ධයන්ගේ විශ්වාසය අනුව තම මනස පිරිසිදු කර භක්තිය පෙන්වනු වස් විහාරය වෙත නිල් මානෙල් මල් පූජා කිරීමට Diva Fresh නිල් මානෙල් මල් දන්සල ඔස්සේ බැතිමතුන්  අවස්ථාව සලසා දෙන ලදී.

Diva Fresh නිල් මානෙල් මල් දන්සල, පිරිසිදුබව සඳහා Divaහි කැපවීමට සාක්ෂි දරන්නේ Diva නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවධාරණය කරමිනි.    Diva Fresh රෙදි සේදුම් කුඩු උසස් පිරිසිදු කිරීමක් සහ නැවුම් සුවඳක් ලබා දෙන්නා සේ, නිල් මානෙල් මල අධ්‍යාත්මික වශයෙන් පවිත්‍ර වීම හා යහපත්බවෙහි ගුණ සුවඳ පැතිරවීම පිළිබඳව මතක් කිරීමක් සිදු කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි, ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකාරු, නාමල් ප්‍රනාන්දු, මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, “මෙම අර්ථවත් වෙසක් උත්සව සමයේ දී,  අපගේම ප්‍රජාව වෙනුවෙන් පෙරළා යමක් සිදු කිරීම වෙනුවෙන් Diva Fresh නිල් මානෙල් මල් දන්සල අපි සංවිධානය කළා. විශාල බැතිමතුන් සංඛ්‍යාවක් වෙතින් මේ දන්සල වෙනුවෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරයන් පිළිබඳව අපි බෙහෙවින් කෘතඥ වෙනවා වගේම එය අපට නිහතමානී සතුටක්” යනුවෙන් ප්‍රකාශ කළේය.

Diva Fresh නිල් මානෙල් මල් දන්සල වෙතින් Diva Fresh නිල් මානෙල් සුවඳ සහිත​ රෙදි සේදුම් කුඩු ඉස්මතු කරන ලදී.  දේශීය අවශ්‍යතාවන්ට ගැලපෙන සේ රෙදි සේදුම් සත්කාර නිෂ්පාදන සපයමින්, දේශීය සම්ප්‍රදාය සමඟ සන්නාමයේ ඇති බැඳීම සහ සන්නාමය විසින් ශ්‍රී ලාංකික සිරිත් වීරිත් අගයන අයුරු මින් පිළිබිඹු කරයි.  සන්නාමය හා දේශීය ප්‍රජාව අතර ඇති සබඳතාව ශක්තිමත් කිරීම සඳහා මෙම Diva Fresh නිල් මානෙල් මල් දන්සල වැනි සන්නාමයේ මුලපිරීම් උපකාරී වේ. ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය, පාරිශුද්ධත්වය සහ රැකවරණය තුළ ගැඹුරින් මුල් බැසගත් අත්දැකීම් සමඟින්, Diva සන්නාමය වසර 20කට අධික කාලයක් පුරා හුදෙක් රෙදි සේදුම් නිෂ්පාදනවලට වඩා බොහෝ දේ පාරීභෝගිකයාට ලබා දෙයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව