
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රූපවාහිනි නාලිකා වන, අද දෙරණ 24 සහ දෙරණ TV සමඟ සහයෝගීව, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ලදී. ඒ “Diva පවුලේ අවුරුද්ද” වැඩසටහන සමඟින් පවුල් එකට එක් කරමිනි. මෙම අවුරුදු සැමරුම පවුලේ සෑම සාමාජිකයෙකුටම එකට එක් වී, සතුට හා සිනහව බෙදා හදා ගැනීමේ අවස්ථාවක් වූයේ අලුත් ඇඳුම් දුර්වර්ණ වීම, කිලුටු වීම පිළිබඳව ඔවුනට වද වීමට ඉඩ නොතබමිණි. ඒ Diva හි නවතම හඳුන්වාදීම වන, ඇඳුම් දුර්වර්ණ වීම හා ඇඳුම්වල දුර්ගන්ධයන් ඉවත් කර දිගු කාලයක් පුරා පවතින ප්‍රබෝධමත් සුගන්ධයක් ඇඳුම්වලට ලබා දෙන ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් සමන්විත Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු නිසාවෙනි.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි, ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකාරු, නාමල් ප්‍රනාන්දු, මේ පිළිබඳව සිය අදහස් දක්වමින්, “සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එකමුතුබවෙහි සහ නැවුම්බවෙහි කාලයයි. මෙම වටිනාකම් පවුල්වලට කෙතරම් වැදගත් ද යන්න Diva හි අප අවබෝධ කරගත් දෙයක්. පවුල්වලට තම ඇඳුම් පිළිබඳව කරදරවීමෙන් තොරව අවුරුදු උත්සව සමය නිදහසේ සතුටින් ගත කිරීමට හැකි උද්‍යෝගශීලී පරිසරයක් නිර්මාණය කිරීම මෙම මුලපිරීමෙහි අරමුණයි” යනුවෙන් පැවසීය.
අද දෙරණ 24 සහ දෙරණ TV ඔස්සේ, “Diva පවුලේ අවුරුද්ද” සැමරුම දිවයින පුරා විකාශනය කරන ලද අතර, අවුරුදු ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වල ක්‍රියාශීලීව නිරත වන පවුල්වල එකමුතුබව ප්‍රේක්ෂකයාට ඉන් ගෙන හැර දැක්වීය. මෙම අවුරුදු සැමරුම සඳහා ප්‍රජාව එකට එක් කිරීම වෙනුවෙන් Diva දැරූ සාර්ථකත්වය මේ අවස්ථාව වෙත උද්‍යෝගයෙන් එක් වූ සහභාගීවන්නන්ගෙන් හා නරඹන්නන්ගෙන් තහවුරු විය.
අවුරුදු ක්‍රීඩා හා ක්‍රියාකාරකම්වල ජයග්‍රාහකයන් වෙනුවෙන් Diva විසින් ත්‍යාග ලබා දුන් අතර, Diva හි නවතම නිෂ්පාදනය වන Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ද ත්‍යාග අතර විය. ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් සමන්විත මෙම නිෂ්පාදනය, ඇඳුම්වල දුර්ගන්ධයන් ඉවත් කරමින් විශිෂ්ට පිරිසිදු කිරීමක් තහවුරු කරයි. මෙම නිෂ්පාදනය ඇඳුම් මත දිගුකල් පවතින සුවඳක් හා නැවුම් බවක් ලබා දීම සඳහා නිෂ්පාදනය කර ඇත.
නවීන ගෘහ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඊට අනුකූල වන ලෙස නව්‍ය විසඳුම් ඔස්සේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන Diva, පවුල යන්නෙහි සැබෑ අරුත මැනවින් අවබෝධ කර ගනිමින්, Diva සන්නාමය හුදෙක් රෙදි සේදුම් සන්නාමයකට එහා ගිය පරිපූර්ණ සන්නාමයක් බව තවදුරටත් තහවුරු කරයි.