‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක කාන්තා ව්‍යවසායකයින් බලගන්වයි.

Image 1 (LBN)

 



 

 

සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් සන්නාමයක් වන DIVA, Women in Management (WIM) සමඟ එක්ව, කාන්තා ව්‍යවසායකයින්ට සහය දීමේ අරමුණ ඇතිව ‘DIVA දෑතට දිරියක්’ මුල පිරීම දියත් ක‍ර ඇත. ව්‍යාපාර සඳහා කාන්තාවන්ට අවශ්‍ය වන ව්‍යාපාරික දැනුම, සුවිශේෂී ව්‍යවසායකත්ව පුහුණු සැසි හරහා ලබා දෙමින් ඔවුන්ගෙ සංවර්ධනය හා දියුණුව මේ තුළින් ඉහළ නංවයි.  විශේෂිත ව්‍යවසායකත්ව පුහුණු සැසි තුළින් ව්‍යාපාර වර්ධනය සඳහා අවශ්‍ය සම්පත් හා පුහුණු අවස්ථා ලබා දෙමින් කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව ගමනේ සාර්ථකව ඉදිරියට යාමට දිරි දෙමින් ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි කිරීමට ද කටයුතු කරයි.

DIVA, Women in Management (WIM) සහයෝගීතාවයෙන් දංකොටුව ප්‍රදේශයෙන් මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සාර්ථකව ආරම්භ වූ අතර, ඉන් අනතුරුව යාපනයේ දී, සාර්ථක පුහුණු සැසිවාර පැවැත්විණි. DIVA දෑතට දිරියක් පුහුණු වැඩසටහන මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය ද ආවරණය කර තිබේ.

මෙම වැඩසටහන මගින් පුළුල් පරාසයක  මාතෘකා ආවරණය වන ලෙස  පුහුණු සැසි මාලාවක් පවත්වන ලදී. මෙහිදී, කාන්තාවන්, නිෂ්පාදකයන්ගේ සිට ව්‍යවසායකයින් දක්වා පරිවර්තනය කිරීම සඳහා ඔවුන්ගේ මානසිකත්වය සැකසීම, ඵලදායි ලෙස පොත් තැබීම සහ මූල්‍ය කළමනාකරණය, උපාය මාර්ගික මිලකරණය, අලෙවිකරණය, පාරිභෝගික සේවා පිළිවෙත්, ඩිජිටල් වෙළඳපොළ භාවිතයට ගන්නේ කෙසේද යන්න සහ සන්නාමකරණයේ ශිල්පීය ක්‍රමවේද වැනි වටිනා මාතෘකා වෙත අවධානය යොමු කෙරිණි.

මෙම පුහුණු සැසිය සඳහා සභාභාගී වූ කාන්තාවන්ගේ දක්ෂතා අගයමින් පසුගිය ජූලි මස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්විණි. පුහුණු වැඩසටහන සාර්ථකව නිමා කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යවසායකත්ව ගමන් මඟ මෙම උත්සවයේ දී සැමරිණි.  එමෙන් ම මෙම වැඩසටහනට සමගාමී ව සහභාගි වන කාන්තාවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කෙරෙන අතර, හොඳම  කාන්තා ව්‍යවසායකයින් තිදෙනා හට ඔවුන්ගේ ව්‍යවසායකත්ව ගමන ශක්තිමත් කිරීම  වෙනුවෙන් මූල්‍ය ත්‍යාග ලබා දීමට නියමිතයි.

දියුණු ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැංවීමේ ශක්‍යතාවයෙන් සමන්විත DIVA දෑතට දිරියක් වැඩසටහන කාන්තාවන්ට සහයෝගය දැක්වීමට හා ඔවුන්ගේ ආර්ථික වර්ධනයට සහය දැක්වීමේ DIVAහි කැපවීම පිළිබඳ සාක්ෂි දරයි. කාන්තා ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්වයේ ගමනට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කරමින්, කාන්තාවන්ගේ ජීවිතය දියුණුවේ මාවත කරා ගෙන යාමට මෙම වැඩසටහන දොරටු විවෘත කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෙදි සේදුම් සන්නාමයක් වන DIVA  වසර ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනා ගත් සන්නාමයකි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ  දිනෙන් දින වෙනස්  වන අවශ්‍යතා පිළිබඳව සන්නාමය සතු මනා අවබෝධය තුළින්, ඒ සඳහා විසඳුම් ලබා දෙන දේශීය ගෘහස්ථ සන්නාමයක් ලෙස DIVA මුළු පවුලටම  සුදුසු තේරීමක් බව සනාථ කරයි.  ප්‍රමිතියෙන් උසස්, කාර්යක්ෂමතාවෙන් ඉහළ නිෂ්පාදනයක් වන DIVA, ගෘහනියන්ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරවමින් රෙදි සෝදන අත්දැකීම වඩාත් සැහැල්ලු හා කාර්යක්ෂම කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව