‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි.

Image 1 (LBN)

දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. වර්තමාන ආර්ථික පරිසරය තුළ ව්‍යවසායකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, නිපුණතා  ආත්ම විශ්වාසය සමඟ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වේ.

මෙම වැඩසටහන මඟින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මනස නිෂ්පාදකයාගේ සිට ව්‍යවසායකත්වය  දක්වා පරිවර්තනය කරන අතර ව්‍යාපාරයේ මූලික කරුණු අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය වන  මූල්‍ය කළමනාකරණය, මිලකරණය, අලෙවිකරණය, පාරිභෝගික සත්කාර, ඩිජිටල් මාධ්‍ය පදනම් කරගත්වෙළෙඳපල , වෙළෙඳනාම සහ ඇසුරුම්කරණය ආදී මෙවලම් පිළිබඳව  ඔවුන් දැනුවත් කිරීමද මෙමඟින් සිදු වේ. දිවයින පුරා  කාන්තා ව්‍යවසායිකාවන්  සවිබල ගැන්වීම අරමුණු කරගත් ‘Diva දෑතට දිරියක්’ වැඩසටහන දංකොටුව, යාපනය සහ ගාල්ල යන ප්‍රදේශවලදී ද සාර්ථකව පවත්වා තිබේ.

 



 

Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පැවැති වැලිමඩ වැඩමුළුව සඳහා තම කුසලතා වර්ධනය කරගනිමින්, ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කර ගැනීමේ අපේක්ෂාව දල්වාගත් කාන්තා ව්‍යවසායිකාවන් රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී  කාන්තා ව්‍යවසායකයින් 38 දෙනෙකු  ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ  ප්‍රායෝගික අභ්‍යාස,  වැඩමුළු සහ අන්තර්ක්‍රියාකාරී සැසිවල උද්‍යෝගිමත් ලෙස නිරත විය. මෙම වැඩමුළුව සමඟ Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන  වැඩසටහන් මාලාව මඟින් සවිබල ගැන්වුණු මුළු කාන්තා ව්‍යවසායිකාවන් සංඛ්‍යාව  175 දෙනෙකු දක්වා ඉහළ යයි.

මෙම සැසිය  පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brands හී අලෙවි සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනී මහතා මෙසේ ප්‍රකාශ කළේය. “Diva දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ  කාන්තා ව්‍යවසායකයින්ට බලාපොරොත්තුවේ පහනක් බවට පත් වී තිබෙනවා.මේ  වැඩසටහන සමඟ එකතුවෙන ව්‍යවසායිකාවන්ගේ ජීවිතවල සුවිශේෂී  වෙනසක්  නිර්මාණය කරමින්  ඔවුන්ගේ ව්‍යවසායක අරමුණු  විශ්වාසයෙන් සහ සවිමත්ව ඉදිරියට රැගෙන යාම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීමට අවස්ථාවක් ලැබීම  ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා.”

 

 

“තොටිල්ල පදවන දෑත ලෝකය පාලනය කරයි” යන කියමන ප්‍රත්‍යක්ෂ කරමින් සමාජය සහ ආර්ථිකය සැකසීමේ ක්‍රියාවලියේදී කාන්තාව සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවමින් ප්‍රධාන භූමිකාවක් සිදුකරයි. එහෙත් ආර්ථික දුෂ්කරතා  සහ මූල්‍ය නිදහස ලබාගැනීම වෙනුවෙන් බොහෝ කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇති අරගලය සුළුපටු නොවේ.Diva විසින් සාර්ථක ව්‍යවසායකයින් වීමට අවශ්‍ය මෙවලම් සහ සම්පත්වලින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලද්දේ මේ පිළිබඳ මනා අවබෝධයක් සහිතවය. ස්වාධීනත්වය සහ සමෘද්ධිය වෙත ගමන් කරන  ඔවුන්ගේ ගමනට ප්‍රමුඛත්වය දෙමින්  සහයෝගය ලබාදෙන ස්ථාවර කුළුණක් ලෙස Diva නැඟී සිටියි. එමෙන්ම මෙම වැඩසටහන් මාලාව ඔස්සේ  නිවසේ ආර්ථික වර්ධනයටද මහත් සවියක් ලබාදෙනු ඇත.

මෙම සැසිය වෙනුවෙන් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ද සුවිශාල සහයෝගයක් හිමිවූ අතර එය බිම් මට්ටමේ ව්‍යවසායකත්වය සහ ආර්ථික සංවර්ධනය ඉහළ නංවාලීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබිඹු කරයි.  එවැනි හවුල්කාරිත්වයන් ව්‍යවසායකයින්ගේ සහ ප්‍රජාවගේ දියුණුව කෙරෙහි අර්ථවත්  දායකත්වයක් සහිත  පරිසරයක් නිර්මාණය කිරීමට ද උපකාරී වේ.

සහභාගී වූ පුද්ගලයන් වෙත මගපෙන්වීම මෙන්ම සම්පත් වර්ධනය සහ සංවර්ධනය සඳහා  මහඟු අවස්ථාවන් රැසක් Diva සහ Women in Management හී සහයෝගීතාවය තුළින් පිරිනමන ලදී.අනාගතයේදීත් තවත් කාන්තා ව්‍යවසායකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය පෝෂණය කිරීම වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කිරීමට Diva සැමවිටම කැපවී සිටියි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව