දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්

Group Photo 5th Dec 2025 (LBN)

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. ‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ INSEE සංස්ථා සිමෙන්ති කොට්ට 20,000ක් පරිත්‍යාග කෙරුණි. මෙවැනි අර්බුදකාරී කාලයක ශ්‍රී ලාංකිකයින්ට සහාය වීමට සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ලාංකිකයන් සතු හැකියාවට ශක්තියක් වීමට INSEE සමාගමේ කැපවීම මෙම මුලපිරීම තුළින් දක්නට ලැබුණි.




මෙම පරිත්‍යාගය සංකේතාත්මකව භාරදීම පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර, එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ යන මහත්වරු සහභාගී වූහ. INSEE Lanka සමාගම නියෝජනය කරමින් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර සබඳතා පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දන නානායක්කාර යන මහත්වරුන් සහභාගී වූ අතර, ප්‍රජා සහයෝගය සහ තිරසර සංවර්ධනය සඳහා සමාගමේ කැපී පෙනෙන නායකත්වය මෙම සත්කාරය තුළින් මැනවින් ඉස්මතු විය.

ප්‍රදානය කරන ලද සිමෙන්ති තොග, පුත්තලම, කුරුණෑගල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර, ව්‍යසනයෙන් වඩාත් බලපෑමට ලක් වූ පිරිස්වලට මෙම ආධාර හිමි වන බවට සහතික කෙරුණි. නිවාස ප්‍රතිසංස්කරණය සඳහා සහය දීම තුළින් ඉමහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන් පවුල්වල ගෞරවය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය නැවත ඇති කිරීම INSEE Lanka අපේක්ෂාවයි.

දේශය ගොඩනැගීමේ මෙහෙවරෙහි විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස INSEE Lanka නිරන්තරයෙන් ගෙන යන කාර්යභාරය මෙම සත්කාරය මඟින් ද නැවත වරක් තහවුරු කෙරුණි. රජයේ බලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගය ඇතිව, ශක්තිමත් හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු ගොඩනගන්නටත්, මේ අසීරු මොහොතේ අපේම සහෝදර ජනතාව අත් නොහැර රැක ගන්නටත් INSEE නිරතුරුව ඇපකැප වී සිටියි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව