
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Electrophysiology (EP) පද්ධතියක් ක්‍රියාත්මක කළ ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම Abbott WorkMate Claris 2D පද්ධතියකට වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබේ. මේ තුළින් අක්‍රමවත් හෘද රිද්මයන් පහසුවෙන් හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා මනා සහයක් මෙම WorkMate Claris 2D පද්ධතිය ඔස්සේ ලබාදෙයි.
මෙම අති නවීන පද්ධතිය ඔස්සේ ආරක්ෂිත සහ වඩාත් ඵලදායී ප්‍රතිකාර ලබාදීම සහතික කරන අතර හෘද ප්‍රතිකාර පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එපමණක් නොව, මෙමඟින් තිරසාර රෝගී කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛත්වය දෙමින් දිගුකාලීන ප්‍රතිලාභ සහිත ගුණාත්මක සත්කාරයන් පිරිනමනු ලැබේ.
ජාලයක් හරහා ආරක්ෂිතව සජීවී දර්ශන බෙදා ගැනීමට Abbott WorkMate Claris 2D පද්ධතිය සතුව ඇති සුවිශේෂී හැකියාව මෙහි කැපී පෙනෙන ලක්ෂණයකී. එමඟින් වෛද්‍යවරුන් අතර ගෝලීය වශයෙන් සජීවී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන අතර බාධාවකින් තොරව උපදේශන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම් හරහා ප්‍රතිකාරවල නිවැරදි බව ඉහළ නංවයි.
Abbott, Siemens Healthineers, සහ Carl Zeiss වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් වෛද්‍ය උපකරණ සන්නාම පිළිබඳ දේශීය නියෝජිතයා ලෙස DIMO Healthcare විසින් දක්වා ඇති ප්‍රවීණත්වය සහ විශ්වසනීයත්වය, සෞඛ්‍ය අංශය තුළ අති නවීන තාක්ෂණය රැගෙන ඒම පිළිබඳ සමාගමෙහි කැපවීම ද ඩර්ඩන්ස් රෝහල සිය නවතම EP පද්ධතිය ස්ථාපනය කිරීම සදහා DIMO Healthcare තෝරා ගැනීමට හේතු වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩර්ඩන්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මෙසේ පැවසුවේය. “රෝගීන් සඳහා වඩාත් නව්‍ය සහ දියුණු සෞඛ්‍ය සේවාවක් ලබාදීම කෙරෙහි අප රෝහල දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක් මෙම Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ සපයනවා. රෝගීන්ගේ හෘද ස්පන්දන රටාවේ අසාමාන්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සැපයීමට මෙම අති නවීන තාක්‍ෂණය බෙහෙවින් ඉවහල් වෙනවා.”
DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “අපගේ ඉලක්කය වන්නේ ඉහළම මට්ටමේ වෛද්‍ය තාක්ෂණික පහසුකම් DIMO Healthcare හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. ඩර්ඩන්ස් රෝහලේ Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ විශිෂ්ට රෝගී සත්කාර ලබා දීමට අවශ්‍ය සම්පත් සැපයීම සඳහා වන අපගේ කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙවැනි ප්‍රවේශයන් ඔස්සේ නිරෝගීමත් ජාතියක් ගොඩනැගීම සහ අපගේ ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීම අපගේ මූලික පරමාර්ථයයි.”
WorkMate Claris 2D පද්ධතිය සඳහා අලෙවියෙන් පසු පුළුල් සේවයක් DIMO Healthcare විසින් පිරිනමන අතර ඒ යටතේ, මෙම පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා සහාය, විශේෂිත වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව සහ අඛණ්ඩ තාක්ෂණික සහයෝගය ඔස්සේ බාධාවකින් තොරව මෙම පද්ධතිය භාවිත කිරීම සඳහා ද සහාය ලබාදෙයි. මෙහි කඩිනම් නඩත්තුව සඳහා ඒ වෙනුවෙන්ම කැපවූ සේවා කණ්ඩායමක් යොදවා ඇති අතර ඒ ඔස්සේ උසස් තත්ත්වයේ හෘද සත්කාර ලබා දීමේ හැකියාව ඉහළ නංවයි.