DIMO 2023 දින දර්ශනය ශ්‍රී ලංකාවේ මාර්ග රැසක් ප්‍රදර්ශනය කරයි

DIMO’s 2023 calendar showcases twelve magnificent roads of Sri Lanka (2) (2) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, 2023 වසර සඳහා සිය දින දර්ශනය එළිදැක්වූ අතර එමඟින් රට පුරා දක්නට ලැබෙන සුවිශේෂී මාර්ග රැසක් ප්‍රදර්ශනය කරනු ලබයි. අප දේශයේ සුන්දරත්වය නිරූපණය කිරීම පමණක් නොව, අප අත් විඳින ජීවිත මං පෙත් ද මෙමඟින් සංකේතවත් කෙරේ. දකුණු ආසියාවේ මහත් ඝනත්වයෙන් යුත් මාර්ග ජාලය පමණක් නොව, ශ්‍රී ලංකාවේ මාර්ග, පටු හෝ පළල් වුවත්, දර්ශනීය හෝ අන්තර් සම්බන්ධිත වූවත්, කාලය හරහා පුද්ගලයින් සම්බන්ධ කරනු ලබන පුරුකක් ලෙස ද හැඳින්විය හැක.

ඉතිහාසය පුරා, වෙළඳාම මෙන්ම වාණිජ කටයුතු හරහා ද, සබඳතා ඔප් නැංවීමේ දී පවා, ශ්‍රී ලංකාවේ මාර්ග මහඟු දායකත්වයක් දරයි.මෙම දින දර්ශනය අප මුළු රටම ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට මනාව ප්‍රදර්ශනය කරයි.

‘දහ අට වංගුව’ මාර්ගය, කුරුණෑගල අධිවේගී මාර්ගය, ලොග්ගල්ඔය – මහියංගනය මාර්ගය, කල්කුඩා මාර්ගය සහ අරුකර්කුඩා ත්‍රිකුණාමල අධිවේගී මාර්ගය ඇතුළු තවත් දැකුම්කලු මාර්ග කිහිපයක් මෙම දින දර්ශනයේ ඇතුලත් වේ. එහි දැක්වෙන අනෙකුත් මාර්ග අතරට අනුරාධපුරයේ කලා වැව – අකුණ පාර, දර්ශනීය වෙරළ තීරය හා සමාන්තරව දිවෙන තාල්යාඩි මාර්ගය සහ පොළොන්නරුවේ කලහගල මාර්ගය ද ඇතුලත් වේ. බුත්තල – කතරගම මාර්ගය, යාපනයේ සංගුපිඩ්ඩි පාලම, අකුරල මාර්ගය, යාපනය – කිලිනොච්චි මාර්ගය යන මාර්ගයන්ද මෙම දින දර්ශනයේ දිස් වනු ලබයි.

ඕනෑම ආකාරයක ඍනාත්මක පාරසරික බලපෑම් අවම කිරීමට කටයුතු කරනා සමූහයක් ලෙස, DIMO, මෙවරත් දින දර්ශනය පරිසර හිතකාමී එළවළු ආශ්‍රිත මුද්‍රණ තීන්ත යොදා මුද්‍රණය කර ඇත.මෙම දින දර්ශනයෙහි මූලික සංකල්පය Sarva Integrated විසින් නිර්මාණය කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව