DIMO, කාන්තා හිතකාමී විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සම්මානයට පාත්‍ර වෙයි

DIMO Image (LBN)

 



 

 

ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ‘AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022’ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan Workplace’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද DIMO සමත් විය.

සාම්ප්‍රදායිකව පුරුෂ කේන්ද්‍රීය  කර්මාන්ත ලෙස සැලකෙන කර්මාන්ත ක්ෂේත්‍ර කිහිපයකම නියැලෙන සමාගමක් වන DIMO සිය කාර්ය මණ්ඩල  සාමාජිකාවන්ට සුදුසු ආයතනික පරිසරයක් ගොඩනැංවීමට නිරන්තර අවධානය යොමු කරයි. එමෙන් ම DIMO සිය සේවා ස්ථාන සියල්ලකම පාහේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගොඩ නංවමින්, සියලු ම දෙනාට සමාන අවස්ථා නිර්මාණය කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතර, විශේෂයෙන් ම වාහන යාන්ත්‍රික විද්‍යාව හා ඉංජිනේරු ආදී බොහෝ රැකියා ක්ෂේත්‍ර වෙත කාන්තාවන් යොමු කරවමින් ඔවුන් සවිබල ගැන්වීමට  DIMO කටයුතු කරයි.

DIMO සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම  ගෞරවණීය ජයග්‍රහණය  පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, ” DIMO තම සාමාජිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම වෙනුවෙන් කරන  කැපවීම මෙවර AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්‍ර වීමට හේතු වුණා කිව්වොත් මම නිවැරදියි.  පසුගිය කාලවකවානුව තුළ අප සමාගමේ ඉහළ තනතුරු සඳහා කාන්තාවන්ගේ ආගමනය 5.8% කින්, සාම්ප්‍රදායික නොවන රැකියා ක්ෂේත්‍ර තුළ කාන්තා නියෝජනය 15% කින් සහ ආයතනය වෙත කාන්තාවන් බඳවා ගැනීම 4% කින් ඉහළ ගොස් තිබෙනවා. ” යනුවෙනි.

සිය ආයතනික පරිසරය තුළ සමානාත්මතාව, කුසලතා සහ ගෞරවණීය හැසිරීම යන විෂයයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ගුණාත්මක නැඹුරුවක් ඇති කිරීම සඳහා DIMO Employee Resource Group නමින් සුවිශේෂී ක්‍රමවේදයක් පිහිටුවීමට කටයුතු කළ අතර, එමගින් විශේෂයෙන් සේවිකාවන්ට, තමාට පැන නැඟී ඇති  ඕනෑ ම ගැටලුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දී ඇත අතර විවිධ වැඩසටහන් ඔස්සේ කාන්තාවන්  සවිබල ගැන්වීම සිදුකරයී. සිය කාන්තා ඉංජිනේරුවරියන් හරහා දක්ෂතා සපිරි කාන්තා ඉංජිනේරුවරියන් සිය සමාගමේ ඉංජිනේරු පුරප්පාඩු සදහා බදවා ගැනීමේ ක්‍රියාවලිය සහ මෑතක දී ආයතනය පුරා සිදු කරන ලද සමානාත්මතාවය අපක්ෂපතිබාවය සදහා වූ වැඩමුළු කාන්තා හිතකාමී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් වැඩසටහන් ද්විත්වයකි.

IFC, DFAT (International Finance Corporation, Australian Department of Foreign Affairs & Trade) SheWorks Sri Lanka හවුල්කාරිත්වය සහ UNGC Working Group on Gender Equality and Diversity සහයෝගීතාව තුලින් ආයතනික වශයෙන් කාන්තා නියෝජනය ඉහල කළමනාකාරිත්වය ඇතුළු සියලුම අංශ තුල වර්ධනය කිරීමට DIMO කටයුතු කරයි. එය යථාර්ථයක් බවට පත් කරමින් මේ වසර මුල දී, DIMO සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු කාන්තා නියෝජනය වන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පත් කරණු ලැබූ අතර ඇය DIMO හි විධායක අධ්‍යක්ෂිකාවක  මෙන් ම සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණිය ලෙස ද කටයුතු කරයි..

තම සේවා ස්ථාන, විවිධත්වයෙන් යුත් සේවක සමුහයක  නියෝජනයක් විය යුතු බව DIMO තරයේ විශ්වාස කරයි.  සිය ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සහ ඉහළ වෘත්තීයමය සාර්ථකත්වයක්  සඳහා ඔවුන් අඛණ්ඩව සවිබල ගැන්වීම තුලින් DIMO සිය ආකල්ප, දැනුම  සහ නිර්මාණශීලීත්වය යන අංශයන් සංවර්ධනය කරමින් ඉදිරියට යයි.  DIMO ලබා ගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය තුළින් කාන්තාවන් සවි බලගැන්වීම හරහා සමානාත්මතාව ගොඩනැංවීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම  සංකේතවත් කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව